ලුණුකඩ හංදියේ දුම්රිය හරස් මගේ අනතුරදායක වල හදන්න දුම්රිය ලොක්කන්ට තාමත් බැරිද ?

0
89

lunukada-juntion-768x576මීගමුව  ලුණුකඩ  හංදියේ   නිතර  සිදුවු   අනතුරුද  සළකා  බලා  ලිපි  ගණනාවක්    ඉදිරිපත්  කරමින්   සහ  අදාළ  බලධාරීන්  හමුවී  කථාකර   මෙහි අබලන්   තත්වය පෙන්වා  දුන්නද  අදටත් කිසිදු ප්‍රතිඵලයක් නැත.
පසුගිය 6 වනදා     මාර්ග සංවර්ධන   අධිකාරියෙන්    මෙහි  මැනුම්  කටයුතු   කරමින්   සිටින අයුරු අපද නිරික්ෂණය කළද තත්වය තවමත්  එළෙමය.
මෙම ස්ථානයේ නඩත්තු වගකිම ඇත්තට පැවරි ඇත්තේ දුම්රිය දෙපාර්තමේන්තුවට බව අප කළ විමසුමකදි ස්ථානිය පරික්ෂාවකට ගිය මීගමුව මාර්ග සංවර්ධන අධිකාරියේ ඉජිනේරුවරිය අපට පවසා තිබුණි.
මේ අනුව දැන් මෙය දුම්රිය ලොක්කන්ගේ වගකිමකි. අප බලාසිටින්නෙමු.