( 1.00 pm ) මේ දිනවල මිගමුවේ වැල්ල පිරෙන්න හාල් මැස්සෝ .ධිවරයන්ට විකුණගන්නත් බැරිවෙන තරමට දවස ගානේම අහුවෙනවා .,
පහුගිය දවස් වල කිලෝවක් රු 100 කටත් විකුණගන්න බැරි තරම් කියල තමයි ධිවරයෝ කිව්වේ.
කරවල කරන අය කිලෝවක් ගන්නේ රු 50 කටලු . ලුණු හිඟකමයි මිළ වැඩිකමයි කියල එයාලත් මිළ අඩුම කරල තමයිලු ඉල්ලන්නේ .
මේ හින්ද කිලෝ දෙසීය තුන්සීය අහුවුනත් ධිවරයන්ට මේ දවස්වල අතමිට සරුවෙන්නේ නෑලු.
ලුණු නැතිකම හින්ද මාළු වැඩිපුර අහුවෙන දවස් වලට කරවල වලටත් දිගන්න බැරි අලුත් ප්රශ්ණයක් දැන් මිගමුවට නිර්මාණය වෙලා.
ගෙදර කෑමට දාන ලුණු විතරක් නෙමේ කරවල කරන්නත් ලුණු නැතිකම් නිසා අපි කලින් අහල තිබුන නැති අලුත් අර්බුදයක් දැන් නිර්මාණය වෙමින් තියෙනවා