ලෙඩ්ඩුන්ට බෙහෙත් නැහැ – බස්නාහිර පළාත් සභාවේ 40 ක් යුරෝපයේ සවාරියක

0
43

33දැනට දවස් කීපයකට  පෙර   බස්නාහිර පළාත් සභාවේ මැති ඇමත්තෝ  40 ක් පමණ පිරිසක්  යුරෝපයේ සවාරියක් සදහා පිටත්ව ගොස් ඇත. බස්නාහිර පලාත් සභා මහ ඇමති  ප්‍රසන්න රණතුංග, අමාත්‍ය නිමල් ලන්සා, අමාත්‍ය කොඩිකාර ඇතුළු    බස්නාහිර පළාත් සභාවේ ආණ්ඩු පක්ෂයේ සියලූම මැති ඇමතිවරු   ස්විස්ටර්ලන්තයේ හා  ජර්මනියේ සිදුකෙරෙන මෙම  සංචාරයට  සම්බන්ධ වී ඇත.
අධ්‍යාපන වැඩසටහනක් සදහා මොවුන් විදේශගතවන බව පවසා ඇති බවද වාර්තා වන අතර මෙම සංචාරය සදහා එක් පුද්ගලයෙකුට ලක්ෂ 3කට වැඩි මුදලක් වැයවන බවද වාර්තා වේ.  බස්නාහිර පළාත් සභාවේ මන්ත්‍රීවරුන්ගේ මෙසේ කෝටි ගණනක මුදලක් වැය කරමින් ගුවන් ගත වෙද්දි  , මේ අය සේවය කරනු ලබන පළාත යනු ලංකාවේ  ඩෙංගු වැඩිම පළාත වේ.එයිනුත් පළාත් සභා ඇමතිවරුන් වැඩිම ගණනක් සිටින දිස්ත්‍රික්කය වන්නේ ගම්පහ වන අතර එහි ජනතාවට තිබිය යුතු මුලික පහසුකම් පිළිබදව ප්‍රශ්න ගණනාවක් මතුව තිබේ.ඩෙංගු පාලනය කරගැනිමට නොහැකිවිම මින් එකකි.රෝහල්වල රොගින්ට බේත් නැත.
පසුගිය කාලයේ මීගමුව රෝහලේ මෝචරියේ මෘත ශරීර තැන්පත්   කිරීමට ඉඩකඩ නැති තත්ත්වයක් මතු විය.  ඉතාම අඩුපහසුකම් යටතේ අපිරිසිදු වාතාවරණයක් යටතේ මෝචරිය පවත්වාගෙන යන තත්ත්වයක් මීගමුවේ රෝහලේ තවමත් පවතින බව ප්‍රසිද්ධියේ හෙළිකර සිටියේ එහි අධිකරණ වෛද්‍ය නිළධාරිවරයා විසින්මය.
බස්නාහිර පළාතේ බොහෝ රෝහල් වල අඩුපාඩු මෙලෙසය. මෙවැනි  අසහනකාරී වටපිටාවක, මහජනතාවට ලැබිය යුතු මූලික අයිතිවාසිකම් වන සෞඛ්‍ය පහසුකම්වත් හරියට දීගත නොහැකි තත්ත්වයක් යටතේත් පළාත් සභාවක මන්ත්‍රීවරු මෙලෙස ජනතාවගේ මුදලින් රට සවාරි  යෑම කෙසේවත් සාධාරණීය කළ නොහැකි බව සාමාන්‍ය ජනයා පවසති.
පිටරට යෑම හෝ විනෝද වීම නරක නැත, නමුත් අද වන විට ‍රටේ ජනතාවට එදාවේලක් කුසට දාගත  නොහැකිව, අපාදුක් විදින සමයක ජනතා මුදල් මෙසේ නාස්ති කිරීමට හැකි මන්ත්‍රීවරුන්  බහුතරයකගේ නඩත්තු කරන්නට සිදුවීම තරම් මහින්ද රාජපක්ෂ රජයේ දූෂණය පිළිබද  පෙන්වා දීමට තවත් ආදර්ශ ඕනෑ නැත.