ලෙඩ්ඩු මදි නිසා චැනල් මහඇරලා ගෙදර පැන්න දොස්තර.??

0
126

doctorමීගමුව රෝහලේ එක්තරා විශේෂඥ වෛද්‍යවරයෙක් සදහා රෝගියෙකු චැනල් සෙන්ටර් එකකින් නොම්බරයක් ගෙන තිබුනේ ඇගේ රෝගි තත්වය උත්සන්න විම නිසාය.
අදාල වෛද්‍යවරයා එකි චැනල් මධ්‍යස්ථානයට පැමිණිමට නියමිතව තිබුනේ සවස 6.30 ටය එහෙත්  රාත්‍රි 7.30 වන තුරුත් ඔහු නොපැමිණි නිසා  මේ රෝගි කාන්තාව චැනල් මධ්‍යස්ථානයේ සේවයේ නියුතු සේවිකාවන්ගෙන් විමසා ඇත.
එවිට වෛද්‍යවරයා පවසා ඇත්තේ ඉක්මනින් පැමිණෙන බවය.දැනට රෝගින් බලමින් සිටින ආවේ මාරියා රෝහලෙන් පිටත්විමට සුදානමින් සිටින නිසා රෝගියා දැනුම් දි ඇත්තේ පමාවුවා යැයි සිතා නිවසට නෙයන ලෙසය. පසුව අදාල  රෝගියා තවත් පැයක් පමණ බලා සිට 8.30 ට එහිසේවිකාවන් හරහා වෛද්‍යවරයා අමතා ඇති අවස්ථාෙව් ඔහු පවසා ඇත්තේ තමන් දැන් නිවසට පැමිණ ඇති බැවින් අදාල රෝගියාට සොරි යැයි කියා සිටින ලෙසය.
වාර්තා වු අන්දමට එකි වැනල් මධ්‍යස්ථානයේ මේ වෛද්‍යවරයා හමුවිම සදහා සිට ඇත්තේ එක් රෝගියෙක් පමණි.
මේ සටහන අප මෙහි තබන්නට කල්පනා කළේ මුදලට කෑදර ව සිටින බහුතරයක් විශේෂඥ වෛද්‍යවරුන් හට තමන්ගේ සේවය ලබන රෝගින්ට අදාලව කිසිදු වෘත්තිය සදාචාරයක් නොමැති බවය.විශේෂයෙන්ම දිනපතා රෝගින් දහස් ගණනින් නිකරුනේ කාලය නාස්තිකරගන්නට සිදුව ඇත.
වෛද්‍යවරයා පැය ගණන් පමා වුවද රෝගින් ඇස්රිදෙන තුරු බලා සිටිය යුතුය.
එහෙත් රෝගියෙකු තප්පරයක් පමා වුවද ඒ වෙනුවෙන් බලා සිටින්නට මේ කිසිදු අයෙක් සුදානම් නැත.
ඉහත සිදුවිමට අදාල වෛද්‍යවරයා අස්ති පිළිබදව විශේෂඥයෙකි. දැනට මීගමුව රෝහලේ සේවය කරනු ලබයි.