මිගමුවේ පිටිපන මංකුලිය ලෙල්ලම් වල මාළු අලෙවි කරන ව්‍යාපාරිකයන් අළුත් අවුරුද්දට වැඩ ආරම්භ කිරිම සංකේතවත් කරමින් විවිධ වැඩසටහන් සංවිධානය කර තිබුණි.මංකුලියේ ලෙල්ලම් තුනම වර්ණවත් විදුළි බුබුළු වලින් සරසා ඇත.
එමෙන්ම මිරිස් මාළු සමඟ කිරිබත්ද ලෙල්ලමට පැමිණෙන අයට සංග්‍රහ කිරිම සඳහා සංවිධානය කර තිබුණි.
විශේෂයෙන්ම දූව පිටිපන ලෙල්ලමේ අලුයම 2 පමණ සිට පොඩි සංගිතයක්ද සංවිධානය කර තිබුන අතර වෙනදා මාලු විකුණමින් කලබල කාරි පසුබිමක සිටි අය අද ගී ගයමින් නටමින් විනෝදවෙමින් සිටියහ.
මේ ගි ගායනා උදේ 7පමණ වෙනතුරුම පැවැත්විණි.
පොදුවේ ගත් කළ මාළු තොග පැමිණිමේච අඩුවක් දක්නට ලැබුනි.මාලු ගැනිමට එන අය සුලු පිරිසකි.වෙනදා බයිසිකල්වලින් ගොස් මාලු අලෙවි කරන අයද අද මාලු ගැනිමට පැමිණ තිබුනේද සුලු වශයෙනි.