ලේ වලින් අත්සන් කළ පොරොන්දුවද ? සල්ලි මල්ලද ?

0
92

????????????????????????????????????

ලේ පොරොන්දුවට සාක්ෂි දැරු ආගමික නායකයන්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ  සංවිධායක ලලිත් ටෙන්සිල් මහතාගේ නායකත්වයෙන් මේ වසරේ ජනවාරි  (02) සවස එම කාර්යාලයේදී පැවත්වුණ විශේෂ රැස්විමක් විය .
මීගමුව ඉතිහාසයේ මෙවන් රැස්විමක් කිසිදිනක පවත්වා තිබුනේ නැත.
මෙම අවස්ථාවට ආගමික නායකයන් හා පක්ෂයේ සාමාජික සාමාජිකාවන්  සහභාගීව සිටියහ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් මීගමුව නගර සභාව වෙත තරග වදින  අපේක්ෂක කණ්ඩායම අද එහිදී  ඔවුන්ගේ මැතිවරණපොරොන්දු ලෙස මීගමුව ජනතාව වෙනුවෙන් පිරිසිදු දේශපාලනයක නිරත වන බවට ලේ වලින් ප්‍රතිඥ්ඥාවක් දෙන ලදී.


මෙහිදී  අත ලකුණින් තරග වැදීමට නියමිත අපේක්ෂක කණ්ඩායම ජනාධිපතිවරයාගේ අභිමතය වන පිරිසිදු නගරයක් යන තේමාව යටතේ ජනතාවට අවංකව හා පිරිසිදු දේශපාලනයක නිරත වන බවට පොරොන්දු පත්‍රිකාවකට අත්සන් තබන ලදී.
කෙසේ වෙතත් මේ ලේ පොරොන්දුව ගත් දිනයේ සමසංවිධායක සකාවුල්ලා පැමිණි නොසිටිමද විශේෂත්වයකි.
2018 මාර්තු 23 වනදා මීගමුවේ මහනගර සභාවේ නගරාධිපති සහ උපනගරාධිපති තෝරාපත්කරගැනිමට නියමිත තිබේ.
ඇත්තටම බර මේ වසරේ ජනවාරි 2 වනදා  දුන් ලේ පොරොන්දුවද නැතිනම් කළු සල්ලි මල්ලක් සමගින් ලැබෙන වරදානදැයි හෙට මීගමුවේ ජනතාවට දැනගැනිමට හැකි වනු ඇත.
මේ පිරිස අතරින් ලේ පොරොන්දුව වෙනුවෙන් ඇත්තටම පෙනි සිටින අය විසින් මිගමුව තුල පිරිසිදු දේශපාලනයක් ස්ථාපිත කිරිමට පෙරමුණ ගනු ඇත.