ලොකුළුණු වැඩිමිළට විකුණන්නේ කව්ද ?

0
314

onionඊජිප්තුවෙන් සහ චීනයෙන් පමණක් ලොකු ළූණු ආනයනය කිරීමට පියවර ගෙන ඇතැයි පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි.එම අධිකාරිය පැවසුවේ, ලොකු ළූණු කිලෝග්‍රෑමයක උපරිම සිල්ලර මිල රුපියල් 150 ක් හෝ ඊට අඩු මිලක සටහන් විය යුතු බවයි.

රුපියල් 40 ක් ව පැවති ලොකු ළූණු ආනයන බද්ද රුපියල් 39 ක් දක්වා පහත දැමුවේ එහි වාසිය පාරිභෝගිකයාට ලබා දීමට බව එම අධිකාරිය පවසයි.එහෙත් අනිසි ලාභ ලැබීමේ අරමුණින් තවදුරටත් වැඩි මිලට ලොකු ළූණු අළෙවි කරන්නන් සොයා වැටලීම් ක්‍රියාත්මක කර ඇතැයි පාරිභෝගික කටයුතු අධිකාරිය පැවසීය.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පැවසුවේ, මේ වන විට එවැනි වෙළෙන්ඳන් 80 කට අධික පිරිසකට අවවාද කර ඇති බවයි.ඒ, කොළඹ සහ මහනුවර ඇතුළු ප්‍රදේශ කිහිපයක කළ විමර්ශනවලදී ය.වැඩි මිලට ලොකු ළූණු අළෙවි කරන්නන්ට නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව එම අධිකාරිය අවධාරණය කළේ ය.කෙසේ වෙතත් ඊයේ රාත්‍රියේත් මීගමුවේ බොහොමයක් සුපිරි වෙළද සැල් වල ලොකුළුණු කිලොවක් අලෙවි වුයේ රු 320 ක් වැනි අධික මිළකටය.එහෙත් කටුනායක ප්‍රදේශයේ ඇති සුරපති නම් වු කුඩා සුපිරි වෙළද සැලක දැනට දින කිහිපයක සිට රටලුණු කිලෝවක් රු 160 කට අලෙවි කරමින් තිබේ.
වැඩිමිළට ලොකුළුණු විකුණන අය පාලනය කිරිමට පාරිහෝගික අධිකාරිය පැහැදිලිව අසමත්ව සිටි.

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here