ඊගල් හාර්ඩ්වෙයාර් වෙළඳ සැලට අයිති LI 0769 දරන පහත ඇති 10wheel ට්රක් රථය 2015-7-10 දින සිමෙන්ති ප්රවාහනය කරමින් තිබියදී සිමෙන්ති තොගය සමඟ රියදුරු විසින් පැහැර ගෙන ඇත . මෙහි වටිනාකම ලක්ෂ 80 ක් වේ.
ජූලි මස 10 දින සිමෙන්ති ගෙන ඒම සඳහා ගිය ලොරි රථය ප්රමාද වීම හේතුවෙන් හාඩ්වෙයාර් හී අයිතිකරු විසින් රියදුරු අමතා ඇති අතර පලමු වර ඇමතීමේදී රියදුරු විසින් පවසා ඇත්තේ සිමෙන්තී පටවා රැගෙන එන බවයි.
නමුත් නැවත හෝරාවකට පමණ පසු ඇමතූ විට දුරකථනය විසන්දී කර ඇති අතර එදින නොපැමිනීම නිසා මීගමුව පොලීසියේ ද පැමිනිල්ලක් දමා ඇත. මෙම සිදුවීමට දින කිහිපයකට පෙර රීගල් හාඩ්වේයාර් වෙලඳ සැල විසින් පුවත්පත් දැන්වීමක් මගින් රියදුරු සේවය සඳහා මේ පුද්ගලයා බඳව ගෙන ඇත. දින කිහිපයක් විස්වාසවන්ත ලෙස සිමෙන්ති රැගෙන ඇවිත් ඇත.පසුව මෙම රියදුරා පිළිබඳව සොයා බැලීමේදී වාහන හොරකම් රැසකට සම්බන්ධ අයෙකු බව දැනගන්නට ලැබී තිබේ.
රියදුරු භාවිතා කළ හච් දුරකතන අංකය හරහා ඔහු විසින් ඇමතූ වෙනත් ඇමතුම් සොයා බලා ලොරි රථය රැගෙන ගිය නිවස සොයාගැනීමට හැකිවී තිබේ. (හම්බන්තොට ප්රදේශයේ නිවසක) පොලීසිය විසින් නිවසට යන විට නිවසෙහි ලොරි රථය නොතිබුනත් නිවසෙහි තිබී ලොරි රථයේ ලියාපදිංචි පොත හා වෙනත් පත්රිකා හමුවී ඇත.
නමුත් මේ වන තුරු පොලීසියට ලොරි රථය සොයාගැනීමට නොහැකී වී ඇති අතර මේ පිලිබඳ පරීක්ෂණ පැවැත්වේ.
සැකකාර රියදුරු විසින් වාහන කිහිපයක් සොරකම් කර අවයව වෙනස් කර විකුනා ඇති අතර මෙම හොරකමට පෙර සිදු වූ රථ වාහන හොරකමකට අදාළව එම වාහනය අයිතිකරුවන් හට හමු වී ඇති බව වාර්ථා වේ. මෙම හොරකම හා සිදුවීම් පිටිපස වගකිවයුතු පුද්ගලයන් සිටින බවත් නිවස හා හොරාව සොයාගත්තා නම් ලොරිය සොයා ගැනීමට නොහැකි වීම අවුල් සහගත බවත් රීගල් හාඩ්වෙයාර් වෙළඳ සැලේ අයිතිකරුගේ පවුලේ කෙනෙක් මීපුර සමඟ පවසන ලදි.