ලොවෙන් සැගවුණ තවත් ළමා අපචාර කතාවක්

0
330

215704196adf222a86c2e95f6df47817
ළමා අපචාරයේ යෙදුන දූෂිතයා නිදැල්ලේ හැසිරෙයි

දූෂණයට ලක්වූ දැරිවිය. අවමානයෙන් මැළිවෙයි

අධ්‍යාපනය බිද වැටී දුක්වෙයි

(නම් ගම් සදහන් කළ. නොහැකි   මෙම සිදුවීම මීගමුව පළාතේ සිදුවූ සත්‍ය සිදුවීමකි)
7  වසරේ ඉගෙනුම ලැබූ දැරිවියක්  පාසලේ ක්‍රීඩා තරගයට පුහුණුව ලබද්දී ඇතිවූ විඩාව සහ  බඩේ රුදාව පිළිබඳ  මවට කී විට මව ඇයව වෛද්‍යවරියකට  පෙන්වූවාය.  දැරිය පරීක්ෂා කළාට පසු ඇයට පස් මසක දරුගැබක් ඇතිබව කළ  වෛද්‍යවරිය පැවසුවාය. එතැන් සිට මෙම අපරාධය  කළ දූෂිතයා කවුදැයි  ළමයාගෙන්  අසන විට ඇය කිසිවක් නොකීවාය. වටපිට බලමින් බියවී වෙව්ලමින් ගැහෙන්නට වූවාය.
මෙහි ඇත්තම සිදුවිම සොයා බැලූ විට අසල්වැසියෙකු මෙම අපරාධයට මුල්වූ බව දැනගන්නට ලැබුණි. අසල්වැසි දූෂිතයා  ගෙදර කවුරුත් නැති වෙලාවේ  ගෙට රිංගා ගවුමෙන් ඇඳ දැරිවිය ඇඳට පෙරලාගෙන බෙඩ්ෂීට් එක කටට ඔබලා දූෂණය කර තිබිණි.
‘‘මේ ගැන කාටවත් කීවොත් තෝ මරණවා“ යන මරණ තර්ජනය නිසා ඇ කිසිවෙකුට කිසිවක් නොකියා  ගස්ගැසී කල්ගෙවා ඇත.
තවද ඇය මල්වරවී දෙමසකින් මෙම සිදුවීම සිදුවී ඇතැයි වෛද්‍ය නිගමනයයි.
එවිට වසර 12ක් පිරුණ මෙම දැරිවියට වෙච්ච සිද්ධියේ  පල විපාකය ,බරපතලකම් ගැනද අවබෝධයක් නොවීය. කුණු හරුප සිද්ධිය නිසා අම්මාට වුණත්  කියන්න වෑයම් කරන කොට ලැජ්ජාවෙන් පපුව හිරවෙනවලු. මරණ තර්ජන බියෙන්