ලොව අසතුටින්ම සිටින රට අපිද?

0
62

1474299268365

ලොවපුරා කරන ලද සමීක්ෂණයකින් හෙලිවී ඇත්තේ ලොව සතුටින්ම සිටින රට නෝර්වේ රාජ්‍යය බවයි. පසුගිය වසරේදී ලොව සතුටින්ම සිටින රාජ්‍යය ලෙස ඩෙන්මාර්කය පිදුම් ලැබුවත් මේ වසරේදී ඩෙන්මාර්කය දෙවන දැනට දමමින් නෝර්වේ රාජ්‍යය පළමු ස්ථානයට පත්ව තිබෙනවා.

පිලිවෙලින් අයිස්ලන්තය,ස්විට්සර්ලන්තය,හා ෆින්ලන්තය තුන්වන,හතරවන හා පස්වන ස්ථාන හිමිකරගෙන තිබෙනවා.

සමීක්ෂණයට ලක්කල රටවල් 155ක් අතරින් ලොව අසතුටින්ම සිටින මිනිසුන් සිටින් රටවල් අතරින් අවසන් ස්ථානය හිමිකරගෙන ඇත්තේ මධ්‍යම අප්‍රිකානු රාජ්‍යයි. එලෙසම මේ දිනවල යුධමය තත්වයක් නිසා දැඩි පීඩාවට පත්ව සිටින සිරියාව එම දර්ශකයේ 152වන ස්ථානය හිමි කරගෙන තිබෙනවා.

එතකොට මේ දර්ශකයේ ශ්‍රීලංකාවට මේ වසරේදී හිමි වී ඇත්තේ 117 වන ස්ථානයයි. පසුගිය වසරේදී 132වන ස්ථානයේ සිටි ශ්‍රී ලංකාව මේ වසරේදී ලොව සතුට අතින් ස්ථාන 15ක් ඉදිරියට පැමිණ තිබෙනවා

The world’s happiest – and saddest – countries
Happiest Least happy
1. Norway 146. Yemen
2. Denmark 147. South Sudan
3. Iceland 148. Liberia
4. Switzerland 149. Guinea
5. Finland 150. Togo
6. Netherlands 151. Rwanda
7. Canada 152. Syria
8. New Zealand 153. Tanzania
9. Australia 154. Burundi
10. Sweden 155. Central African Republic