ලොව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සැකසීමට සමාජ ජාල වෙබ් අඩවි යොදා ගන්නා මුල්ම අවස්ථාව මෙය විය හැකියි-අගමැති කියයි

0
32

ranil new

රටේ දියුණුවට ඔබේ දියුණුවට ඇති කරන්නට යන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මුළු රටම එකතු කරගත යුතු යැයි අරලියගහ මන්දිරියේදී අද (17) විශේෂ ප්‍රකාශයක් කරමින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කීවේය.
නව ව්‍යවස්ථාව කුමක්ද යන්න ගැන තවම තීරනය කර හෝ සාකච්චා කර නොමැති නමුත් එය අහම්බෙන් පහළ වූවක් නොවන බවත් නව ව්‍යවස්ථාවක් ඇති කිරීම සම්බන්ධව ඇති ඉතිහාසයත් ඊට ඇති ජනවරමත් අවස්ථා 6කදී පමණ විවිධ පක්ෂ කැදවා සාකච්චා කළ බවත් අග්‍රාමාත්‍යවරයා විස්තර කළේය.
අද දේශපාලන බංකොලොත් භාවයෙන් පෙලෙන කණ්ඩායම් නව ව්‍යවස්ථාව සම්බන්ධව ගෙන යන දුර්මත සම්බන්ධවද අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ අවධාණය ලක්විය.
දේවදත්තයා බුදු ගුණ ගායනා කරන ආකාරයෙන් මහාචාර්ය ජී.ඇල්.පීරිස්ගේ ජුන්ටාවේ මත වලට වඩා සියලුම පක්ෂ හා සංවිධාන සමග සාකච්ඡා කර මේ ව්‍යවස්ථාව ඉදිරිපත් කිරීම අරමුණ බවත් ඔහු කීවේය.
ජුන්ටාවක් වී කාමරයක් ඇතුළත දොරවල් වසාගෙන මේ ව්‍යවස්ථාව සැකසීමට තමාට අවශ්‍ය නොවන බවද හෙතෙම කියා සිටියේය.
එසේම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ඇතැම් පුද්ගලයින් ඇතැම් මත ප්‍රකාශ කරන බවත්, තමාද නව ව්‍යස්ථාව අඩංගු කරුණු නොදන්නා බවත්, මේ වන විට ඒ සඳහා අදහස් විමසමින් සිටින බවද අගමැතිවරයා පෙන්වා දුන්නේය.
එමෙන්ම මෙහිදි සිදුකරනු ලබන්නේ ව්‍යවස්ථාවක් සැකසීම පමුණක් බවත්, වෙනත් කිසිදු දෙයක් මෙමගින් සිදු නොවනු ඇති බවත් හෙතෙම අවධාරණය කළේය.
නව ව්‍යවස්ථාව පිළිබඳ මත ප්‍රකාශ කිරීමේදී බුදු දහම සම්බන්ධයෙන්ද කියවෙන බවත්, තමාද බෞද්ධයෙකු, සිංහලයෙකු එමෙන්ම ශ්‍රී ලාංකිකයෙකු වන බැවින් මෙරට බෙදීමට නොව, එකතු කිරීම තමාටද අවශ්‍ය බව ඒ මහතා පෙන්වා දුන්නේය.
ලොව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සැකසීමට සමාජ ජාල වෙබ් අඩවි යොදා ගන්නා මුල්ම අවස්ථාව මෙය විය හැකි බවත් 21 වැනි සියවසට ගැලපෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සැකසිය යුතු බවත් රට බෙදීමක් රටේ ඒකීය භාවය වැනසීමක් හෝ බුද්ධාගමට හිමි තැන අහිමි කිරීමක් රජයේ යෝජනාවලට අඩංගු නොවන බවද ඕනෑම කෙනකුට ඕනෑම පක්ෂයකට සංශෝධන ඉදිරිපත් කළ හැකි බවත් ඔහු පැවසීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හෝ එක්සත් ජාතික පක්ෂයේ අදහස් පමණක් නොව සියලු පක්ෂවල අදහස් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ලබාගැනීමට සූදානම් බවත් විශේෂයෙන්ම අනාගතය බාර ගැනීමට සිටින තරුණයන්ගේ අදහස් මේ සඳහා වැදගත් බවත් ට්විටර්, ෆැක්ස්, සමාජ ජාලා වෙබ් අඩවි වැනි ඕනෑම මාධ්‍යයකින් ඔවුන් ලබාදෙන අදහස් බාරගැනීමට සූදානම් බවත් අගමැතිවරයා කීවේය.
මහජන අදහස් හා යෝජනා ලබාගැනීමට ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයට විසුම්පාය ලබාදී ඇති බවත් ඕනෑම අවස්ථාවක එහි පැමිණ ඊට අදාළ යෝජනා බාරදිය හැකි බවත් කී අගමැතිවරයා 21 වැනි ශත වර්ෂය මැද භාගයට ගැලපෙන ව්‍යවස්ථාවක් අනාගතය වෙනුවෙන් නිර්මාණය කරගැනීමට ඒ සියලු අදහස් වැදගත් වන බවත් සඳහන් කළේය.
ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් පත්කිරීමට ස්ථාවර නියෝගවල ඉඩක් නොමැති බවත්, එය යෝජනා කරන ලද්දේ ව්‍යවස්ථාවේ 74 වන වගන්තිය යටතේ බවත් ඒ මහතා වැඩිදුරටක් අදහස් දක්වමින් ඒ මහතා කීවේය.
(උපුටා ගැනිම -mass media news මුහුණු පොතෙනි )