ලොව උසම කුණු කන්ද පවිත්‍ර කරන්නට කදුනගින්නන්ගෙන් උපකාර පතයි.

0
117

හිමාලය තරණය කිරීමේ ඍතුව උදාවත් සමඟ එවරස්ට් කඳුමුදුන පිරිසිදු කිරීමේ මහා මෙහෙයුමක් ආරම්භ කරනු ලැබ ඇත.

ලෝකයේ උසම කඳු ශිකරය වන එවරස්ට් කඳුවැටියේ අත්හැර දමන ලද කුණුකසල මිනිස් අපද්‍රව්‍ය සහ පැරණි උපකරණ ටොන් ගණනාවක් ඇති අතර ඒවා ඉවත් කිරීමේ මෙහෙයුමට උදව් වෙන මෙන් කඳු නගින්නන්ගෙන් ඉල්ලීමක් කෙරෙයි.

කඳු නගින්නන් විසින් අතරමග දී පාවිච්චියට ගනු ලබන කඳවුරු අවට කැන්වස් මළු දමා ගොස් ඇති අතර කන්ද තරණය කරනු ලැබ ආපසු එන ගමනේ දී සෑහෙන තරම් කසල ප්‍රමාණයක් ආපසු ගෙන එන්නේ නැත්නම් ඔවුන්ට දඩ ගැසීමේ වැඩ පිළිවෙලක් 2014 වසරේ පටන් ක්‍රියාත්මක කෙරෙයි.

_95442610_kanda1

කඳු නගින්නන් කොතරම් අපද්‍රව්‍ය තොගයක් එවරස්ට් කන්දේ දමා යන්නේදැයි කිවහොත් එය ‘ලෝකයේ ලොකුම කසල කන්ද’ ලෙසත් හඳුන්වනු ලැබ ඇත.

එවරස්ට් කලාපයෙන් වැඩිම කසල තොගය සොයා ගනු ලැබ තිබෙන්නේ,මුහුදු මට්ටමින් ආදී 21000 ක් තරම් උසින් පිහිටි කඳවුරකිනි.

ඔක්සිජන් ටැංකි, කූඩාරම් , ආහාර ගැනීමට පාවිච්චි කරන දේවල් සහ කඳවුරුවල පාවිච්චි කරනු ලබන වෙනත් ද්‍රව්‍ය ඇතුලත් එම කුනුකන්ද පහලට ගෙන එම සඳහා හෙලිකොප්ටර් යානා යොදා ගැනීමට සිදුවිය.

පසුගිය කාල සීමාව ඇතුළත කසල ටොන් දහසයක් එවරස්ට් කන්දෙන් ඉවත් කරනු ලැබ ඇතත් තවත් කොතරම් කසල ප්‍රමාණයක් එහි ඇද්ද යන්න තවමත් තක්සේරු කරනු ලැබ නැත.

කඳු නගින්නන් විසින් සිදු කරනු ලබන පරිසර දූෂණයට අමතරව 2015 වසර් නේපාලය මුහුණ දුන් මහා භූමි කම්පාවත් එවරස්ට් කන්දේ තත්වය තවත් නරක අතට හැරීමට හේතුවිය.

එම භූමි කම්පාවෙන් නේපාලය පුරා නව දහසක ජීවිත විනාශයක් සිදු වූ අතර කඳුවැටිය තරණය කරමින් සිටිය දී මරණයට පත්වූවන්ගෙන් වැඩි දෙනකුගේ සිරුරු එහි කඳවුරුවල අත්හැර දමනු ලැබුණි.

එවරස්ට් කඳුවැටියේ දමාගොස් ඇති කසල අහුලා පහලට ගෙන එනු ලබන නේපාල ජාතික මාර්ගෝපදේශකයන් වන ශාර්පාවරුන්ට එක කුණු කිලෝවක් සඳහා ඩොලර් දෙක බැගින් ගෙවීමක් ද සිදු කරනු ලබයි.

එහෙත් එම කාර්යය සංචාරක කඳු නගින්නන් විසින් ස්වේච්ඡාවෙන් ඉටුකළ යුතු කාර්යයක් වෙයි.

එවරස්ට් කන්දේ දමා යන කුණු කසල එක්රැස් කොට ආපසු කඳු පාමුලට ගෙන එන එන නමුත් කන්ද තරණය කරමින් සිටිය දී මරණයට පත් වන්නන්ගේ සිරුරු ආපසු ගෙන ඒමක් සිදු නොවෙයි.

ගිරි ශිකරය කරා නගිමින් සිටිය දී මරණයට පත් වූවන්ගෙන් අඩු තරමින් සිරුරු දෙසීයක්වත් මේ වනවිටත් කන්දේ ඇතැයි සැලකෙයි.

 

උපුටාගැනීම – http://www.bbc.com