ලොව විශාලතම බහාලුම් නෞකාව කොළඹට..

0
101

ලොව විශාලතම බහාලුම් නෞකාව වන එවර් ඒස් (ever ace) එළඹෙන 5 දා කොළඹ වරාය වෙත පැමිණීමට නියමිතය. බහාලුම් විසිහතර දහසක් ප්‍රවාහනය කළ හැකි ආකාරයට නිමවා ඇති මේ නෞකාවේ දිග මීටර් 400ක් හා පළල මීටර් 62ක් වේ. ඉකුත් ජූලි මාසයේදී බහාලුම් ප්‍රවාහනය සඳහා එක් කළ නෞකාව නෙදර්ලන්තයේ රොටර්ඩෑම් වරායෙන් පිටත්ව කොළඹ වරාය දක්වා පැමිණෙමින් තිබෙයි.

ලොව මෙවැනි විශාල නෞකා මෙහෙයුම් කළ හැකි පහසුකම් සහිත වරායන් ඇත්තේ 24ක් පමණි. දකුණු ආසියාවට ඇත්තේ එකකි. ඒ කොළඹ වරායයි දිණමිණ වෙබ් අඩවිය සදහන් කරයි .