ලොහාන් මඩකලපු යද්දි , රාසාලා,සුමන්තිරන්ලා අනුරාධපුරයට …

0
140
242767572 151024003865028 572880177401989095 n
242582762 151024140531681 1928551920389965481 n

අගමැති සහ ජනපති රටින් පිටව සිටිද්දි ලංකාවේ සිටින ඇමතිවරු රටේ මානව හිමිකම් වල ඇත්තම තත්වය ලෝකයටම අපුරුවට පෙන්වා දිමට කටයුතු කර තිබුණි.
ඉනුත් හොදටම කලේ බන්ධනාගාර ඇමති ලොහාන්ය.
ඔහු ලෝකයේ කිසිදු රටකින් මෙතෙක් වාර්තා වි නොමැති ලෝකේන්ම කප් ගහපු මානව හිමිකම් කඩකිරිමක් කරමින් දැවැන්ත රාජපක්ෂ පාලනයේ පැටිකිරිය යළිත් වටයකින් ලෝක ගතකර තිබුණි.

ඒ් අනුරාධපුර බන්ධනාගාරයට ‌ ගොස් එහි සි‌ටින දමිල සිරකරුවන් එළියට ගෙන පිස්තෝලයක් හිසට තබා මරණ තර්ජනය කිරිමය.
එහෙත් ඔහුව අත්අඩංගුවට ගැනුනේ නැත. බන්ධනාගාර ඇමතිධුරයන් පමණක් තාවකාලිකව දැන් ඔහු ඉවත් වි සිටි.
කාලයක් නිහඩව සිටි ලොහාන් රත්වත්තේ ඊයේ දිනයේ මඩකලපු ගොස් තිබුනේ එහි සංවර්ධන කටයුතු පිළිබදව පැවැති රැස්විමක ප්‍රධාන නියමුවා ලෙසින් බවට මාධ්‍ය වාර්තා පලව තිබුණි.

ඉන් කියැවෙන්නේ ද රාජපක්ෂලාගේ උද්දච්ච දේශපාලනයේ ප්‍රකාශමාන විමක් මිස අන්කවරක්ද ?
ලොහාන් දමිල සිරකරුවන් මරණ තර්ජනය කර දෙමළ ජනතාව හමුවිමට මඩකලපු ගොස් සිටිද්දි දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රිවරුන් පිරිසක් ඊයේ දිනයේ අනුරාධපුරටයට ගොස් තිබුනේ බන්ධනාගාර ඇමතිගේ මරණ තර්ජන වලට ලක්වු සිරකරුවන් හමුවිම සදහාය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වහාම අහෝසි කර ඒ පනත යටතේ රදවා සිටින සිරකරුවන් වහා නිදහස් කළ යුතු බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්තිරන් මහතා එහිදි මාධ්‍ය හමුවේ පවසා තිබුණි.

පසුගිය යහපාලන සමයේ දී ත්‍රස්තවාදය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිරකරුවන් නිදහස් කර ගැනීමට තමන්ට හැකිවූ බවද ඒ මහතා සිහිපත් කළේය.

Screenshot 20210925 161153 Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here