ලෝකයේ ‘රාමසාන්’ සිරි

0
312

slide_307832_2776001_free

ලෝකයේ විවිධ රටවල මුස්ලිම් බැතිමතුන් අද ඔවුන්ගේ ්‍ශුද්ධවූ මාසයේ උපවාසය අවසන් කර  හිරු උදාවෙන්  දෙවියන්ට යාඥා කරමින්  රාමසාන් උත්සවය ඇරඹීය.  ඒ වෙනුවෙන් මුස්ලිම් බැතිමතුන් වෙසෙන විවිධ රටවල විවිධ සංස්කෘතිකාංග  සමග දින ගණනක් පුරා ඔවුන් ලක ලෑස්වේ.
ඡායාරූපයේ දැක්වෙන්නේ  ඉන්දුනීසියාවේ අන්ධ පුද්ගලයෙකු ඔවුන්ගේ  බ්‍රේල් කුරාණය කියවන අවස්ථාවකි. ඔවුන් ජීවත් වෙන ආබාධිත පුද්ගලයන් සදහා වූ පුනරුත්තාපන මධ්‍යස්ථානයේ අන්ධ පුද්ගලයන් 30 දෙනෙකු වන අතර පසුගිය මාසය පුරා ඔවුන් අල් කුරාණය කියවීමට  සාමුහිකව රැස්විය.

(Photo by Ulet Ifansasti/Getty Images)


බංගලාදේශයේ කාන්තාවක් මේ උත්සාහා කරන්නේ ජනයාගෙන් පිරුණ දුම්රියකින් පාලමක් උඩට නැගීමටයි. ඇය රාමාසාන් වෙනුවෙන් සිය නිවස බලා ගමන් ගනිමින් සිටියි. බංගලාදේශයේ මුස්ලිම් බැතිමතුන්  රාමසාන් උපවාසය ආරම්භ වූදා පටන් සිය ගම්බිම් බලා  යාම් ඊම් ඇරඹුවෙ එළඹෙන රාමාසාන් උත්සවය සැමරීමටයි.
(AP Photo/A.M. Ahad)

පකිස්තානයේ රූපලාවන්‍ය ශිල්පිනියක් කාන්තාවකගේ අතේ සාම්ප්‍රදායික හෙනා විලාසිතාවක් අදින්නේ කරච්චි නගරයේදී එළඹෙන  ‘ ඊද් අල් ෆිදර්’  උත්සවය වෙනුවෙනි.

AFP PHOTO / ASIF HASSAN
තරුණ ඉන්දියන් තොප්පි වෙළෙන්දෙකු සිය ගැණුම්කරුවන් එනතෙක් බලාහිදින්නේ කොල්කතා නුවර වෙළද සැලකයි. රාමසාන් වෙනුවෙන්  සූදානම් වන මුස්ලිම් බැතිමතුන් අලුත් හිස් පළදනාවන් ගැනීම සම්ප්‍රදායක්.
AFP PHOTO/Dibyangshu SARKAR (Photo credit should read DIBYANGSHU SARKAR/AFP/Getty Images)

ඉන්දියාවේ නිව් දිල්ලි නුවර  නිවාස නැති පුද්ගලයන් මුස්ලිම් පල්ලියේ චාරිත්‍ර අවසන් වී  ආහාර  බෙදා දෙන තෙක් බලාහිදින අවස්තාව.
(AP Photo/Tsering Topgyal)
පලස්තීන යෞවනියන් ‘ ඊද් අල් ෆිදර්’ අසිරිය සමරමින් -(AP Photo/Ariel Schalit)

මලයාසියේ  ‘මලක්කා ‘ නගරයේදී  යාඥාවේ යෙදී සිටින පුංචි පිරිමි දරුවෙකු සිය වැඩිහිටියන් සමග එක්වී උපවාසයේ අවසන් කරමින්.

උපුටා ගැනීම
http://www.huffingtonpost.com/religion/