ලෝකේ වටෙන්ම ණයගන්න ලංසාලා නම් දැන් සතුටින්ලු ?

0
67

ඊයේ සිට කොරෝනා අමාරු කාලය ඉවරයි.. ආර්ථික ජයග්‍රහණවලට සැරසෙන්න..ආගමික නායකයින්, ගමේ මහජන නියෝජිතයින්, රජයේ නිලධාරීන් ඇතුලු ග්‍රාමීය කමිටු සහභාගී කරමින් අවශ්‍ය යෝජනා ලබා ගනිමින් මෙවර අයවැය ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇති බව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පවසා තිබුනේ වත්තල ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේ පැවති වැඩසටහනකට සහභාගී වෙමින් සිටියදි මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා,ග්‍රාමීය මට්ටමින් අයවැය සඳහා යෝජනා ලබා ගැනීමෙන් ගමේ ක්‍රියාත්මක කළ යුත්තේ ආර්ථික ක්‍රියාවලියක්ද, ජීවනෝපාය සංවර්ධනයක්ද, සුභසාධන සේවාවක්ද යන්න නිවැරදිව හදුනා ගැනීමට හැකියාව ලැබෙනවා. එම යෝජනා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට ඉදිරිපත් කළ විට, එතුමා අය වැය ලේඛනයට පෙර අදාළ නිලධාරීන් සමඟ සලකා බලා අදාළ යෝජනා අය වැය සඳහා ඇතුළත් කිරීම තමයි මෙහි අරමුණ.

ඉතිහාසයේ පළමු වරට තමයි ගමට ගිහිල්ලා අය වැය යෝජනා ලබාගන්නේ යැයි ඔහු මෙම හමුවේදි කියා තිබුණි

මේ අතර දිනපතා ජාතික ප්‍රවෘත්ති බවට පත්වෙමින් ඇත්තේ වත්මන් රාජපක්ෂ පාලනය විසින් ලොකේ විවිධ රටවලින් ණය ගන්නා ආකාරයන් ගැනය.
බංගලාදේශයේ සිට ඔ්මානය දක්වාද වානිජ බංකුවල සිට ලෝක බංකුව දක්වාද ලංකා දැන් ණය ගනිමින් සිටි. මිට අමතරව අති දැවැන්ත මුදලක් අච්චු ගසා ඇති අන්දම ගැන පළවන පුවත් දුටු විට ලංකා ඉතිහාසයේ කවර දිනකවත් එවැන්නක් සිදුව නොතිබේ.
 ඇමති ලංසාගේ ලොකු පාරවල් ඇමති රජයට ඔ්නෑ තරම් සල්ලි තියෙනවා යැයි පම්පෝරි කියා සිටියද බංගලි දේශයෙනුත් ණය ගන්න තත්වයට රට පත්කල ජොනිලා සැබැනින්ම ජෝකර්ලා බට දැන් හැමෝම දනි.
ලංසලා නම් දැන් සතුටින් ඇත්තේ ඔහුගේ හාම්පුතාගේ මැදිහත්විම මත ලෝක බැංකුවෙන් රු කෝටි ගණනක ණයක් ග්‍රාමිය පාරවල් සංවර්ධනය කිරිමට ලැබි ඇති නිසා විය යුතුය.