ලෝක ජනාවාස දිනයදා මිගමුවේ කාන්තාවන් කියපු කදුළු කථාව

0
120

ලෝක ජනාවාස දිනය වෙනුවෙන් ( 04 ) අද මිගමුව ජනතා ඒකාබද්ධ සංවිධානයේ කාන්තාවන් විසින් විශේෂ මාධ්‍ය හමුවක් මිගමුවේදි සංවිධානය කර තිබුනේ තමන්ටම යැයි කියා ඉඩමක් නිවසක් අහිමි ජනතාව මුහුන දෙන ගැටළු ගැන මාධ්‍ය වෙත අදහස් දැක්විම වෙනුවෙනි.
තම සංවිධානය තුල සිටින 3000 කට අධික පිරිසකගේ ආදෝනාව වෙනුවෙන් එහි නියෝජිතවරියන් කිපදෙනෙකුම මෙම හමුවේදි අදහස් දක්වන්ට යෙදුණි.
ඉඩම් නිවාස අහිමි සංවිධානය තුල විවිධ ආගම් ජාති නියෝජනය කරමින් සිටින බව කියන මෙම කාන්තාවන් අවධාරණය කර සිටින්නේ සිය නිවාස ප්‍රශ්ණයට කඩිනමින් විසදුම් ලබාදෙන ලෙසය.