ලෝක ධීවර දිනය මීගමුවේදි සැමරේ..

0
105

සමස්ථ ලංකා ධීවර වෘත්තිය සමිතිය විසින් ජගත් ධීවර දිනය මීගමුවේදි  සමරමින් ක්‍රියාකරම්කම් රැසකට මුලපුරා තිබුණි.ධීවරයින් මුහුණ දෙන මුලික ගැටළු මුල් කරමින් සාමකාමි විරෝධතාවක් සහ පෙළපාලියක්ද සංවිධානය කර තිබුණි.

මෙයට  අමතරව ධීවර ජනජිවිතය නගා සිටුවිමට උරදුන් අය වෙත උපහාර පිදිමද ධීවර අරගලවලදි මිය ගිය සහ තුවාල ලැබුවන්  සමරමින් විරු සමරු තිලින ප්‍රදානයක්ද සිදුකෙරැණි.

මේ අවස්ථාවට විශේෂ ආරාධිතයන් ලෙසින් ගරු සරත් ඉල්ලමල්ගොඩ පියතුමා,ගරු ෂෙරාඩ් ජයවර්ධන පියතුමා ,සමන් රත්නප්‍රිය යන අය සහභාගිවි සිටියහ.

එමෙන්ම සමස්ථ ලංකා ධීවර වෘත්තිය සමිතිය සදහා නව කාර්යාලයක් විවෘත කිරිමද ,නිර්මල දේවමාතාවන්ගේ ධීවර සමිතියේ නව ගොඩනැගිල්ල අභිෂේක කිරිමද මෙදින සිදුවිය.