ලෝක පූජිත ක්‍රිකට් ක්‍රිඩකයෙක් නගර සභාවේ පුටුවක වාඩිවුණා නගරාධිපතියි සතුටුවෙන්න ඕනා- රොයිස් විජිත

0
83

roies 5පසුගිය දිනක මිගමු නගර සභාවේ එජාප මන්ත්‍රින් පිරිසක් හමුවිමට පැමිණ සිටි ලෝක පූජිත ක්‍රිකට් ක්‍රිඩක, හිටපු ඇමති, එජාප දිස්ත්‍රික් නායක අර්ජුන රණතුංග නගාරික මන්ත්‍රිරුවන්ට හිමි කාමරයේ වාඩිගෙන සිටින විට එතනට පණිවිඩයක් එවා ඇති මිගමු නගරාධිපති දයාන් ලංසා කියා ඇත්තේ ඒ පුටුව තමාගේ බැවින් ඉන් නැගිටන ලෙසය.
ආදල සේවකයා මේ ගැන මුලින්ම කියා ඇත්තේ මිගමුවේ හිටපු විපක්ෂ නායක රොයිස් විජිත වෙතය.
අප මේ ගැන ඔහුගෙන් පසුව විමසා සිටි අවස්ථාවේ ඔහු කියා සිටියේ ලෝක පූජිත ක්‍රිකට් ක්‍රිඩකයෙක් අපේ නගර සභාවේ පුටුවක වාඩිගෙන ඉන්න එක ගැන නගරාධිපති දායන් ලංසා සැබැවින්ම සතුටුවිය යුතු බවය.

නගරාධිපතිට අයත්යැයි කියාගන්නා පුටුවෙන් නැගිට අර්ජුන රණතුංග වෙනත් පුටුවක වාඩිගෙන සිටින අයුරු

අප අමතා කථා කළ තවත් නාගරික මන්ත්‍රිවරයෙකු කියා සිටියේ හිටපු ඇමතිවරයෙකු ලෙස අර්ජුන රණතුංගටත් අයිතියක් තියෙනවා ඒ පුටුවේ වාඩිවෙන්නට යැයි කියාය.
කෙසේ වෙතත් නගරාධිපති වඩා ඉහල අධ්‍යාපන සුදුසුකමක් ඇති රටේ ලෝකයේ සැරිසරා ඇති ඉහල සමාජය ඇසුරු කොට ඇති ඇමතිධුරයක් කිපයක්ද දරා ඇති අර්ජුන රණතුංග ඉතා නිහතමානිව නගරාධිපතිගේ යැයි කියන නාගරික මන්ත්‍රින්වරුන්ගේ කාමරයේ තිබුන ඒ පටුවෙන් නැගිට වෙනත් පුටුවක ඉදගෙන ඇත.
.