ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ ගැනවත් නොදන්නා මිගමුවේ දොස්තර ?

0
82

Screenshot_20200403_070231කොරෝනා ආසාදනය වීමෙන් මිය යන අයගේ අවසන් කටයුතු සිදුකළ යුතු අන්දම ගැන ඉතා පැහැදිලි නිර්දේශ රාසියක් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප්‍රකාශයට පත් කර තිබේ.එහෙත් මේ නිර්දේශයන්ට පටහැනිව ක්‍රියාකරමින් පසුගියදා මෙසේ මිය ගිය අයෙකුගේ අවසන් කටයුතු කිරිම⁣ට මිගමුව මහනගර සභාව කටයුතු කර තිබුණි.(එසේ කටයුතු කර ඇත්තේ මිගමුව නගර සභාව විසින් බව මිගමුවේ හිටපු සෞඛ්‍ය වෛද්‍ය නිළධාරියෙකුද වු ⁣වෛද්‍ය ලක්ෂ්මන් විජේසුරිය විසින් සදහන් කර තිබේ )

ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශයන් මෙසේය.

කොවිඩ් 19 අසාදිත අවමගුල් පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදෙස්

සෞඛ්‍ය සේවා සේවකයින් හෝ මෘත ශරීරාගාර කාර්ය මණ්ඩලය ශරීරය සූදානම් කිරීමේ දී (උදා: ශරීරය සේදීම, හිසකෙස් පිළිවෙලට තැබීම, කැපීම නියපොතු හෝ රැවුල බෑම සම්මත පූර්වාරක්ෂාවන්ට අනුව අත්වැසුම්, සෞඛ්‍ය ආරක්ෂිත මුහුණු ආවරණ, ඉවත දැමිය හැකි වෛද්‍ය ගවුමක් [හෝ ඉවත දැමිය හැකි ගවුම අසම්පූර්ණ ඒපනයක් සමඟ], ආරක්ෂක පියවර ගන්න.

පවුලේ අය කැමති නම් ශරීරය බැලීමකැමැති අයට සම්මත පූර්වෝපායන් භාවිතා කරමින් අවම වශයෙන් මීටර 1 ක් දුරින් ශරීරයට අත නොතබා නිරීක්ෂණය කළ හැකිය. නමුත් මළ සිරුර ස්පර්ශ නොකිරීමට හෝ සිප නොගැනීමට පැහැදිලි උපදෙස්  දිය යුතු ය‍.

ශාරීරික තරල විසුරුවා හැරිය හැකි බැවින් එම්බාම් කිරීම නොකිරීම මනාය.

ශරීරය හැසිරවීම සඳහා වැඩිහිටියන් සහභාගි නොවිය යුතු අතර අවුරුදු 60 වැඩි අය සහ ප්‍රතිශක්ති නතා ඇති පුද්ගලයින් ශරීරය ආසන්නයට නොගොස් සිටිය යුතු ය.

මේ සෑම අවස්ථාවකදීම සබන් හා වතුරෙන් අත් හොඳින් සේදීමේ නිර්දේශ අනුගමනය කරන්න. ‌

දේහය අදාහනය හෝ මිහිදන් කිරීම යන ආකර දෙකම අනුගමනය කළ හැක.

අවසන් අවස්ථාව සඳහා හැකි ඉතාම සුලු පිරිස පමණක් කැඳවන්න.

මෘත දේහය මිහිදන් කිරීමට කටයුතු කරන අය අවමංගල්‍ය ආරක්ෂක ඇදුම් හැද අත්වැසුම් පැළඳින්න.  කටයුතු අවසාන කිරීමෙන් පසු සබන් හා ජලය සමග අත් හොදින් සෝදන්න. භූමදානය අවසන් වූ පසු පාවිච්චි කරන ලද  අත්වැසුම් සහ ශරීරාවරණ ඇදුම් ආරක්ෂිතව ඉවත දමන්න.

මිය ගිය තැනැත්තා රෝගාතුර වීමෙන් පසු පාවිච්චි කළ කිසිදු දෙයක් යළි පාවිච්චියට නොගැනීම වඩා යහපත් ය. යළි පාවිච්චිවයට ගන්නා ඇදුම් වේ නම් ඒවා උතුරන වතුරෙන් උග්‍ර ක්‍රියාකාරී සෝදන ද්‍රව්‍ය දමා සොදා වියලා ගන්න.

සම්පූර්ණ උපදෙස් සඳහා මෙහි පිවිසෙන්න: https://apps.who.int/iris/bitstream/handle/10665/331538/WHO-COVID-19-lPC_DBMgmt-2020.1-eng.pdf


www.srilankabrief.org

 

මීගමුව මහනගර සභාව කරන ලද කටයුත්ත වඩාත් නිවරදි යැයි මුහුණු පොතේ සටහනක් තැබු මිගමුවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියෙකු ලෙසද කටයුතු කර ඇතැයි කියන වෛද්‍ය ලක්ෂ්මන් විජේසුරිය කියා තිබේ.කණගාටුවට කරුණ වන්නේ ඔහු දරා ඇති තනතුරුද සැලකිල්ලට ගැනිමේදි ලෝක සෞඛ්‍ය සංවිධානය ගැනවත් මේ අරභයා ඇති නිර්දේශ පිළිබදවත් ඔහු මෙලෝ මල බෝලයක් නොදන්නා බවය.ඔහු වැන්නෙකුත් එසේ නම් මිගමුවේ සිටින ජාතිවාදය පෙරට දමාගෙන අඩු පුප්පන සමාන්‍ය ජනයා ගැන කවර කතාදැයි අපට යලිත් වරක් අසන්නට සිදුවේ.අප මේ පිලිබදව ලියු ලිපියකට අඩුපුප්පාගෙන ජාතිවාදින් රැසක් අපට අභූත චෝදනා කරමින් විවිධ අපහස කර තිබුනද අප ඔවුන් ගැන කිසිත් නොකියන්නට කල්පනා කලේ ඔවුන්ගේ නොදැනුවත්කමද සැලකිල්ලට ගෙනය.සෞඛ්‍ය වෛද්‍ය නිළධාරියෙකු ලෙස කටයුතු කළ අයෙකුගේ ලෝක සෞඛ්‍ය සංවිධානය ගැන දැනුම මෙතරම් පටුනම් අපට අවලාද නගා ඇති අයගේ තරම ගැන කවර නම් කතාද ?

අප විසින් meepura .com වෙබ් අඩව්යේ පළකර තිබු ලිපියට මුහුණු පොතේ දොස්තර ලක්ෂ්මන් විසින් තැබු සටහන පහලින් දැක්වේ.