


දරුවන් වෙනුවෙන් කැලැන්ඩරයේ වෙන්ව ඇති 01 දිනයක් සැමරිම සදහා අද දවසේ විවිධ ක්‍රියාකාරකම් සිදුවෙමින් තිබියදි එක් දින සැමරුමක් වසර ගණනාවක සැමරුමකට අඩිතාලම දමන ආකාරයේ ඉතා වැදගත් මුලපිරිමකට කුරණ ප්‍රදේශයේ දරුදැරියන් පිරිසක් මුලික වි සිටිති.
ඔවුන් අතහිත දෙන්නට හදවත් ඇති වැඩිහිටියන් පිරිසක්ද සිටිම ඉතාමත් වැදගත් වි තිබේ.
මේ සියල්ලෝ ම එක්ව ලෝක ලමා දිනය නිමිත්තෙන් 157/බී කුරණ බටහිර ග්‍රාම නිලධාරී වසමේ ස්වර්ණ හංස ලමා සමාජයේ දරුවන් විසින් දෙවන කුරණ මෝලවත්ත පුජා ශාලාව අසලදී සංවිධානය කොට පවත්වන ලද පැල සිටුවීමේ වැඩ සටහන ක්‍රියාත්මක කර තිබුණි.
(උපුටා ගැනිම දරුජු ග්‍රාම නිළධාරි මහතාගේ ෆේස් බුක් පිටුවෙනි )

