වංචා දූෂණවලට එරෙහිව ලක්ෂයක් මහපාරට….

0
85

පසුගිය දින සමරනු ලැබූ පිලිපීනයේ වීර දිනයේදී එරට දහස් සංඛ්‍යාත ජනතාවක් වීදි බැස සිටියේ රජයේ එරට වංචා හා දූෂණයන්ට හා සදහා විරෝධය පල කිරීමටයි. එරට පොලීසියේ දළ ගණනය කිරීම් වලට අනුව මැනිලා අගනුවර රිසාල් උද්‍යානයේ පමණක් 80000ත් 100000ත් අතර පිරිසක් රැස්ව  සිට ඇති අතර තවත් දහස් සංඛ්‍යාත පිරිසක් එරට අනිකුත් මාර්ත වල විරෝධය පළකරමින් උද්‍යානය වෙත පැමිණෙමින් සිට ඇත.

මිලියනයක් මිනිසුන්ගේ පෙලපාලිය (Million People March) ලෙස නම් කර තිබූ මෙමරැලිය Facebook හා  Twitter යන සමාජ වෙබ් අඩවි හරහා සංවිධානය වී තිබීම විශේෂත්වයත් විය.
මෙම රැළිය සදහා අදහස ඇති වී ඇත්තේ එරට සංගීත නිශ්පාදකයෙකු වන අයිටෝ රපඩාස් (Ito Rapadas)නම් වූ පුද්ගලයා ට facebook වෙබ්  අඩවිය හරහායි.

“අපට අවශ්‍ය වන්නේ   අප විසින් දුක් මහන්සි වී උපයාගත් මුදල් බදු වශයෙන් තම පොකට් වලට දමා ගන්නා රජයේ නිළධාරීන්ට හා දේශපාලකයන්ට විරෝධය පල කිරීම සදහා වූ නිහඩ විරෝධයක් පැවැත්වීමටයි.” මේ ඔහු විසින් Facebook හරහා බෙදා හැරි අදහසයි. මෙලෙස දහස් සංඛ්‍යාත පිරිස් මේ සදහා සහයෝගය පල කල අතර මෙම විරෝධය පැවැත්වීමට අගෝස්තු මස 26 වන දිනය එනම් එරට වීරයින්ගේ දිනය යොදාගන්නා ලදී.

මෙලෙස නැගී ආ මහජන විරෝධය මැඩපැවැත්වීමට එරට රජය  ඒ වෙනුවට විනිවිදභාවයකින් යුතු පිලියමක් හදුන්වා දීමටත් පොරොන්දු විය.එලෙසම විරෝධතා දිනය දවසේදී ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක පවසා සිටියේ රජය විරෝධතා කරැවන් සමග  සිටින බවයි.
Photo-courtesy-of-Architect-Paulo-Alcazaren555540_495552863868203_2134313825_n BSe7jXYCMAAx0Pi ජනපතිගේ මෙම ප්‍රකාශයට බොහෝ පිරිස් විරෝධය පලකර තිබුණ අතර කෙසේ හෝ අවසානයේදී දුප්පත්කමින් කුසගින්නෙන් හා විරැකියාවෙන් පෙලෙන දහස් සංඛ්‍යාත වූ පිලිපීන ජාතිකයන්ගේ  විරෝධය පැවැත්විණි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here