වකුකඩු රෝගී අසරණ කතට පිළිසරණ වුණොත් ඔබට පින්

0
73
වකුගඩු දෙකම අක්‍රියව ජීවිතයත් මරණයත් අතර සටනක යෙදී සිටින ඒ ‍.අනුෂා ප්‍රියංගනී තම දරුදෙදෙනාද සමග ඡායාරෑපය වෙන්නප්පුව විශේෂ

වෙන්නප්පුව මැතිවරණ කොට්ඨාසයට අයත් නැගෙනහිර කිරිමැටියාන ලුණුවිල වී.සී.මාවතේ ඥාතියකුට අයත්පුංචි නිවසක දිවිගෙවනුයේ ඉතා දුක්ඛිත අයුරිණි.

මේවනවිට ඇගේ වකුගඩු දෙකම අක්‍රියව ජීවිතයත් මරණයත් අතර සටනක නිරතව සිටින අතර ඇගේ සැමියා ශ්‍රී ලංකා යුදහමුදාවේ විදුලි කාර්මිකයකු ලෙස සේවය කරමින් සිටියද තම බිරියගේ රෝගි තත්ත්වය හා ඒ වෙනුවෙන් කැපවීම නිසා අද ඔහුට රැකියාව පවා අහිමිවී ගොස්ය. ඇය පවසන අන්දමට ඇගේ වකුගඩු දෙකම අ්‍රියවී ඇත්තේ එන්නතක් විෂවී මනිසාය. ඒ නිසා දැනටමත් වකුගඩුවලට විෂ ඇතුලුවී ඇති බව වෛද්‍යවරු පැවසූ බවද ඇය පවසා සිටී.

මේ වනවිට මාලිගාවත්තේ පිහිටි වෘක්කවේද කාන්දු පෙරීම් හා වකුගඩු බද්ධ කිරීමේ මධ්‍යස්ථානයේ විශේෂඥ වෛද්‍ය අනුර හේවාගීගන මහතායටතේ ප්‍රතිකාර ලබන ඇයට -ඒ- පොසිටිව් හෝ -ඕ- පොසිටිව් වකුඩුවක් විගස බද්ධ කළයුතුව ඇතත් වකුගඩුවක් දීමට ඉදිරි පත්ව මාස 03 ක ඒ මහතාද සමග අදාල වාර්තා ලබාගත් තමා අද අසරණවී ඇත්තේ ඔහු ඒ සදහා තමාගෙන් රුපියල් 1,25,000 ක මුදලක් හදිසියේ ඉල්ලා සිටීම නිසා බව ඇය කදුලුපිරි දෑසින් යුතුව කීවාය. දි

න 04 න් හතර ලේ ශුද්ධ කළයුතු බවත් අදාල දෑ සදහා රුපියල්.5000/-ක් බැගින් මුදල් අවශ්‍යවන නමුත් අසරණ මට රජයෙන් කියා කිසිත් නොමිලේයේ ලබාගන්නට වරම් නොමැති බවත් ඇය වැඩිදුරටත් කියා සිටියාය. ඔවුනට දරුදෙදෙනෙක් සිටින අතර නිර්මානි කාවින්‍ද්‍යා දුව දංකොටුව බාලිකා විදුහලේත් ,අවිශ්ක හේෂාන් පුතු වෙන්නප්පුව ජෝශප් වාස් විදුහලේත් අධ්‍යාපනය හදාරති.

පුංචි නිවාසය ක පදිංචිව සිටින නමුත් එම නිවසදඅයිතිකැවන් ඉල්ලා ඇති නිසා අද ඔවුනට යනඑනමං නැතිව ගොස්ය‍. ගම්වාසි ජනතාවගේ පිහිටෙන් බේත්හේත්කරති. මෙසේ ඉතා අන්ත අසරණ තතත්වයකට පත්ව ඇති මොවුන්ට ආධාරයක් කළ හැකිනම් සැබවින්ම එයමහත් පිනකි.
– සුනිල් ප්‍රනාන්දුපුල්ලේ වෙන්නප්පුව