වකුගඩුවක් දන්දුන් අයට සමාජයේ ඉහලින් සලකන සංස්කෘතියක් ගොඩනගමු .

0
75

tp-kidney-090625වකුගඩු රෝගින් අද මහත් පිඩාවකට පත්ව සිටින්නේ ඔවුන්ට පිහිට වන්නට වකුගඩුවක් දන්දෙන්නට කැමැත්තක් ඇති අයවලුන් සොයා ගැනිමට මේ සමාජය තුල පහසු ඉඩක් නොපවතින නිසාය.
තමන්ගේ අවයවයක් තවත් අයෙකුට ජිවිතය දිම වෙනුවෙන් ලබාදිම අතිශය උතුම්ම වු පරිත්‍යාගයකි.
මේ නිසාම එවැනි අතිශය උතුම් වු පරිත්‍යාගයන්ට මුල්ව සිටින වකුගඩු පරිත්‍යාශිලින් හට සමාජයේ සුවිශේෂ වු සැලකිල්ලකට බදුන් කළ යුතුව තිබේ.
මේ පරිත්‍යාගශිලින්ගෙන් බොහෝ දෙනෙක් තමන් දුන් වකුගඩුව වෙනුවෙන් පෙරළා යමක් බලාපොරොත්තු නොවුවනද ඒ අය වෙත සමාජය විසින් මෙන්ම රාජ්‍ය විසින්ද ඒ අයෙගේ මේ කැපකිරිම ගරුකිරිමක් ලෙසින් ඒ අයට සැලකිම සදහා  විධිමත් වැඩපිළිවෙලක් සැකසිය යුතුව තිබේ.

හමුදාව සේවයන්ගේ නියැලුන පිරිස් වෙත ඇතැම් වරප්‍රසාද මේ සමාජය විසින් දැනටමත් සකසා දි තිබේ
එවැනි පසුබිමක වකුගඩු පරිත්‍යාගශිලින්ගේ කැපකිරිම අගයමින් අමාත්‍යංශ සහ රාජ්‍ය දෙපාර්තමේන්තුවලට කළ හැකිව ඇති දෑ බොහෝය.
මේ පිළිබදව පුළුල් මහජන සංවාදයක් ගොඩනැගිය යුතුව තිබේ.
දකිල පෙරේරා