වකුගඩු ජාවාරම් ගැන මාධ්‍ය සංදර්ශනවලින් රෝගින්ට සෙතක් වෙයිද ?

0
139

Kidney-TransplantKT 2වකුගඩු ප්‍රශ්ණය පිළිබදව ප්‍රධාන පුවත් දෙකක් පිළිබදව සංවාදයක් මේ දිනවල මතුව තිබේ.
ඉන් එකක් වන්නේ ඉන්දියාව හා ලංකාව  අතර කාලයක පටන් කරගෙන ගොස් ඇති වකුගඩු ජාවාරමක් පිළිබදවය. මේ පුවත ශ්‍රිලංකාවේ ප්‍රධාන මාධ්‍ය සියල්ලකම පාහේ සිරස්තල මවන්න තුඩු දි තිබුණි.
අනික් පුවත වන්නේ ඉතා සංවේදි එකකි.සමාජ වෙබ් අඩවි සහ FB එකේ වැඩිදෙනෙකු කථා බහට ලක්වුවකි.
එනම් වකගඩු රෝගි තත්වයකට ගොදුරුව පුද්ගලික රෝහලකදි මිය තරුණ මවක් පිලිබදවය.
ඇගේ එක් අවසන් ඉල්ලිමක් වු තමන්ගේ කැමැතිම ගායකයා වු කිර්ති පැස්කුවල් මහතාගේ ගීතයක් ඇය මිය යන්නට පෙර අසන්නට සැලැස්විම ගැන  වු අතිසංවේදි පුවතකි.
ඇගේ රෝගි තත්වයට ප්‍රතිකාර කිරිම සදහා වන මුදල් සපයා ගැනිමට අන් අයගේ ආධාර ඉල්ලා මීට කලින් සකසා තිබුණු විඩියෝවක් අන්තර්ජාලය ඔස්සේ බෙදා හැර තිබුණි.
ඉන් කියැවි තිබුනේ ඇයට වකුගඩුවක් බද්ධ කිරිමට අවැසි මුදල් සපුරා ගන්නට උදව් අන් අයගේ උදව් ඇවසි බවය.
ඒ සානුකම්පිත ඉල්ලිමට ප්‍රමාණවත් ප්‍රතිචාර දක්වන්නට ඉඩක් නොතබාම ඇයට අවසනාවන්ත ලෙසින් දිවි ගමනෙන් සමුගැනිමට සිදුව තිබුණි.
වකුගඩු රෝගය වැළදිමෙන් පසු අතිබහුතරයක් දෙනා මුහුණ දෙන ප්‍රධානතම ප්‍රශ්ණය වන්නේ තමන්ට ගැලපෙන වකුගඩුවක් සොයා ගැනිම ගැනය.
කොපමණ මුදලක් තිබුනද වකුගඩුවක් සපයා ගන්නට නම් පුද්ගලයෙකුම ඉදිරිපත්විය යුතුය.
මේ සදහා එක්කෝ මුදල් බලාපොරොත්තුවෙන් ඉදිරිපත් වන්නෝ වෙති. එසේත් නැතිනම් පවුලේ අය හෝ වෙනත් සමිපයතයන් කිසිදු මුදලක් ගැන බලාපොරත්තුවක් නැතිව ඒ සදහා ඉදිරිපත් වෙති.
එහෙත් එවැනි අය මේ සමාජය තුල ඉතාමත් විරලය.
මේ නිසාම රෝගිහු මහත් අර්බුදයකට ගොදුරුව සිටින්නේ තමන්ට ගැලපෙන වකුගඩුවක් සොයාගැනිම වෙනුවෙනි .
මේ පසුබිම තුල ධනවාදි සමාජය තුල මතුව ඇති මේ  හිඩැසට බැස ඇති තැරැව්කරුවන් මෙය ලක්ෂ ගණන් මුදල් හම්බ කරන ව්‍යාපාරයක් බවට පත් කරගෙන තිබේ.
ලංකාව තුලද විවිධ මට්ටම් වලින් ක්‍රියාත්මක තරැව්කරුවන් රැසක් වෙති.
පසුගිය දිනක මාධ්‍ය ඔස්සේ උඩ දම දමා තලු මර මරා තරගයට මෙන් පුවත් පළ කලේ මේ ජාවාරම ගැනය.එයට සම්බන්ධ පුද්ගලික රෝහල් ගැන මෙන්ම ඒවාට සම්බන්ධ යැයි සැක කරන වෛද්‍යවරුන් ගැනද ලියා තිබුණි.
මේ බොහොමයක් අවස්ථාවලදි අපට දකින්නට ලැබුනේ වෛද්‍යවරුන්ගේ සංගමය සහ සෞඛ්‍ය ඇමති සහ තවත් අයත් විවිධ කොටස් හා ඇති විවිධ ගනුදෙනු ප්‍රශ්ණ වකුගඩු රෝගින්ගේ ඉරණම හරහා විසදා ගන්නට ගත් උත්සාහයක් ලෙසය.
එහෙත් මේ සියල්ලට යටින් දිවෙන කටුක ඇත්ත වනුයේ ඒ ප්‍රශ්ණයට මැදිවු සෑම රෝගියෙකු මෙන්ම ඒ පවුලේ අය කෙසේ හෝ බලන්නේ තමන්ගේ රෝගියාට වකුගඩුවක් ලබාගෙන එය බද්ධ කොට පවතින ජිවිත අවධානමෙන් නිදහස් වන්නටය.
මෙයට දෙස් විදෙස් කියා හෝ දුප්පත් පොහොසත් කියා වෙනසක් නැත.
විදෙස් රටක සිට වකුගඩු දායකයෙකු සමගින් මෙරට පැමිණ මෙරට පුද්ගලික රෝහලකදි ඒ කටයුත්ත සිදුකර ගැනිමට මුදල් ඇති හැකි අය කටයුතු කරති.
එමෙන්ම මෙරටදි මේ රෝගි තත්වයට ගොදුරු වුවන් තමන්ට සුදුසු වකුගඩු දායකයෙකු සොයා ගැනිමට නොහැකිව ලතවෙති.
මේ බොහොමයක් අවස්ථාවලදි ඒ පවුල්වල ඥාාතින් පවා ඉදිරිපත් වන්නේ නැත.
මුදලට වකුගඩුවක් දෙන්නට ඉදිරිපත්වන්නේද තමන්ට ඇති නැතිබැරිකම නිසාමය.
එහෙත් මෙවන් අය කරා බොහෝ අවස්ථාවල රෝගි පාර්ශවයේ අයට කලින් ලගා වන්නේ අතරමැදියෙකුය.මේ අතර මැදියා විසින්  වකුගඩුවක අවශ්‍යතාවය ඇති අය කියා සිටින්නේ ගණුදෙනුව ලක්ෂ 8 කට කළ හැකි බවය.
එහෙත් මෙවැනි ගණුදෙනුවලදි වකුගඩු දායකයා වෙත ලැබෙනුයේ ලක්ෂ 5 ක් හෝ ඊටත් අඩු මුදලකි.ඇතැම් අවස්ථාවලදි මෙවැනි ගණුදෙනු ලක්ෂ 8 සිට ලක්ෂ 10 දක්වා පරාසයක මේ තැරැව්කරුවන්ගේ මිළ ගණන් පවති.
එහෙත් වකුගඩුව ලබාදෙන්නා හට ලැබෙනුයේ මුදලිකින්  කොටසක් පමණි. අවම තරමින් අදාල මිළ ගණුදෙනුවෙන් තුනෙන් එකක් තැරැව්කරුවා විසින් ඔහුගේ අතේ  තබා ගනී.
මෙහි ඇති ජවාරම යනු එයයි. එය ලංකාවේදි තනි පුද්ගලයෙකු විසින් කළ හැකිය . එසෙත් නැති නම් පුද්ගලික රෝහලක් හෝ එයට සම්බන්ධ කණ්ඩායමක් විසින් කළ හැකිය.
ලංකාව තුල පසුගිය කාලය තුල සංවාදයට ලක්වුයේ මේ ජවාරම ගැනය.
යමක් අලෙවි කළ හැක්කේ එයට ඉල්ලුමක් පවතින්නේ නම් පමණි.
වෙළදාම සහ අතරමැදියා විසින් ලාභය පතා කළමණාකරනය කරනු ලබන්නේ මේ පවතින ඉඩකඩයි.
එබැවින් රජයක් විසින් වඩාත් බරපතල ලෙසින් මේ තත්වය ගැන විග්‍රහයක යෙදි රෝගින්ගේ පැත්තෙන් ඒ අයගේ අවශ්‍යතාවය සපුරා ගැනිමට ඇවැසි ඉඩකඩ ලැබෙන අයුරින් වඩාත් සංවිධිත වැඩපිළිවෙලක් දියත් කළ යුතුව තිබේ.
කවර තත්වයන් යටතේ වුවද වකුගඩුවක් දන්දුන් අයගැන ඉහලින් අගයන සාමාජ වැඩපිළිවෙලක් වෙනුවෙන් රජය ප්‍රධාන මුල පිරිමක් කළ යුතුව තිබේ.
ඒ අය විසින් සිදුකරන්නට යෙදි ඇති අති උතුම් පරිත්‍යාගය වෙනුවෙන් වු සමාජිය ඇගයිම මෙහිදි අතිශය වැදගත් වනු ඇත.
දෙවැන්න වන්නේ මහනුවර රෝහල විසින් දැනටමත් ආරම්භ කර ඇති වකුගඩු සංචිතයක් පිළිබදව වැඩසටහන පිලිබදව පුළුල් ප්‍රචාරයක් ලබාදෙමින් ඒ ගැන සමාජ සංවාදයක් ගොඩනැගිය යුතුව තිබේ.
ඒ අනුව මේ ප්‍රශ්ණයේ දිග පළල නිවරදිව තේරුම් ගනිමින් නිවරදි ලෙස විග්‍රහ කරගනිමින් එයට විසදුම් ලැබෙන අයුරින් අවැසි නම් සියල්ල ප්‍රතිසංවිධානය කළ යුතුව ඇත.
එසේ නොවන්නේ මේ සියල්ල එකිනෙකාගේ පරණ කොන්තර පිරිමසා ගැනිම වෙනුවෙන් සිදුකෙරෙන මාධ්‍ය සංදර්ශන වලින් එහා ගිය කිසිවක් සිදුනොවුන ඇත.
රජය හමුවේ ඇති ඇත්ත අභියෝගය එයයි.

 

 

 

 

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර කරගෙන යන මහා පරිමාන වකුගඩු ජාවාරම සම්බන්ධයෙන්  ඉන්දියාවේ තෙලන්ගනා ප්‍රාන්තයේ නාල්ගොන්දා පොලිසිය විසින් අල්ලාගෙන ඇති අතර ඔවුන් ශ්‍රී ලංකාවේ කොළඹ පුද්ගලික රෝහල් හතරක සේවය කරන වෛද්‍යවරුන් හය දෙනකුට එරෙහිව ඉන්දීය නීතිය යටතේ නඩු පැවරීමට තීරණය කර ඇතැයි ඉන්දියාවේ ‘ද හින්දු‘ පුවත් පත අද වාර්තා කර තිබේ.

මෙකී ශ්‍රී ලාංකික මාෆියා දොස්තරලා වන්නේ නවලෝක රෝහලේ සේවය කරන දොස්තර මොනික්, දොස්තර මාධව සහ දොස්තරවරිය සධානා ද, හේමාස් රෝහලේ සේවය කරන දොස්තරවරිය චමිලා ද, ලන්කන් හොස්පිට්ල් රෝහලේ සේවය කරන දොස්තරවරිය නිරෝෂිනී සහ වෙස්ටර්න් හොස්පිටල් රෝහලේ සේවය කරන දොස්තරවරිය හබීබා සහීෆ් ආදීහු වෙති.

ඔවුන් හය දෙනා වෛද්‍ය ආචාර ධර්ම කඩ කරමින් සිදු කරන නීති විරෝධි වකුගඩු බද්ධ කිරීම්වලට සම්බන්ධ වී ඇතැයි ඉන්දීයානු ප්‍රාන්ත පොලිසිය කළ විමර්ශනයකින් අනාවරණය වී ඇතැයි එම වාර්තා වේ සඳහන් වේ.

ඉන්දීයාවේ වකුගඩු ජාවාරමට සම්බන්ධ ප්‍රධාන සැකකරු වන සුරේෂ් ප්‍රජාපති (36) අත්අඩංගුවට ගැනීමත් සමඟ මේ කරුණු අනාවරණය වී ඇතැයි කියති. ඔහු වකුගඩු බද්ධ කිරීමේ සැත්කම් 60 පමණ සම්බන්ධ වී ඇතැයි ද එම සියලු සැත්කම් කර ඇත්තේ කොළඹ පිහිටි ඉහත නම් සඳහන් කරන ලද රෝහල්වලදී යැයි ද එම වාර්තාවේ සඳහන්ය.

සුරේෂ් ප්‍රජාපති නමැති බ්‍රොකර් වරයා වකුගඩු බද්ධ කිරීමේ එක් සැත්කමකට ඉන්දීය රුපියල් ලක්ෂ 28ත් 30ත් අතර මුදලක් අය කර ඇතැයි ද වකුගඩු ප්‍රදානය කරන අයට ගෙවා ඇත්තේ ඉන්දීය රුපියල් ලක්ෂ 5 ක් පමණ සොච්චමක් බවද අණාවරණය කරගෙන තිබේ.

මෙම තිරිසන් ජාවාරම සිදුකරගෙන යන ‘අඹේපිටිය ආරච්චිගේ දොන් මොනික් ටර්වින් සංජීව‘ හෙවත් දොස්තර මොනික් සහ වෛද්‍ය නිලධාරී සංගමයේ සභාපති දොස්තර පාදෙනියගේ සම්බන්ධය හෙලිකරමින් ලංකා ඊ නිව්ස් 2014 අප්‍රේල් 24 වෙනිදා “ඉන්දියාව සහ ලංකාව අතර සිදුකළ මහා පරිමාණ වකුගඩු ජාවාරමේ මහ මොළකරුවන් හෙළිවේ: දොස්තර මොනික් සහ දොස්තර පාදෙනිය අත් අඩංගුවට ගනු“ මැයෙන් පළ කරන ලද වාර්තාව යලි පහත සම්පූර්ණයෙන් පළ කරමු.. අදටත් මේ කරුණු වලංගුය.. අප එදා මේ කරුණු හෙලි කරද්දී සෞඛ්‍ය ඇමැතිවරයා වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනය. අද සෞඛ්‍ය ඇමැතිවරයා ඔහුගේ ඉල ඇටයක් සේ ක්‍රියාකරන දොස්තර රාජිත සේනාරත්න ය. එදා පට්ට පල් දූෂිත ආණ්ඩුවක සිටි මේ දෙදෙනා අද යහපාලන සළු පිලි පැළැඳ සිටිති. ඒ සළු පිලිවලට ගෞරවයක් දීමට හෝ අද මොවුන් මේ සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ගය කුමක්දැයි බලා සිටිමු. එදා ප්‍රවෘත්තිය කිසිදු වෙනස් කිරීමකින් තොරව පහත දැක්වේ.