වකුගඩු රෝගය මඩින්න ,විදෙස් රටවලින් ආධාර …

0
106
kidneypicශ්‍රී ලංකාවේ වකුගඩු රෝගය නිවාරණයට ජාත්‍යන්තර සහය අවශ්‍ය වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විදෙස් රටවල තානාපතිවරුන් හමුවේ ඊයේ (29) පවසා තිබේ. ජනාධිපතිවරයා මෙම අදහස් පැවැසුවේ විදෙස් රටවල තානාපතිවරුන් සමග ජනාධිපති කාර්යාලයේදී ඊයේ (29) පෙරවරුවේ පැවැත්වූ විශේෂ සාකච්ඡාවකදීය.
ශ්‍රී ලංකාවට හිතැති සියලු මිත්‍ර රාජ්‍යවල සහය මේ සඳහා අපේක්ෂාකරන බවද ජනාධිපතිවරයා මෙහිදී පැවැසීය. වකුගඩු රෝගය හේතුවෙන් ජනතාවගේ පානීය ජල ගැටලුව බව තානාපතිවරුන් හමුවේ මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා රෝගයට ගොදුරු වූවන්ගේ ප්‍රතිකාර කටයුතු සඳහා දිවයින පුරා සියලුම රෝහල්වල පහසුකම් ඉහළ නැංවුවද වකුගඩු රෝගීන්ගේ සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යන බවද සඳහන් කළේය.
වකුගඩු රෝගය ඇතිවීමට මූලික වන කරුණු පිළිබඳව වැඩිදුරටත් පරීක්ෂණ කිරීමට ශ්‍රී ලංකාවට සහය වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය නියෝජනය කරමින් මෙම හමුව සඳහා එක්ව සිටි නියෝජිතයා පැවැසීය. ශ්‍රී ලංකාවේ පානීය ජල ව්‍යාපෘති සඳහා ලබාදෙන ආධාර ඉදිරියේදී තවදුරටත් වැඩි කිරීමට අවධානය යොමුකරන බව යුරෝපා සංගමය නියෝජනය කරමින් මෙම අවස්ථාවට සහභාගි වී සිටි නියෝජිතයා පැවැසීය.
ඉන්දීය මහ කොමසාරිස් වයි.කේ. සිංහා ම හතා ප්‍රකාශ කළේ ‍පොල්ගහවෙල, කුණ්ඩසා‍ලේ සහ කළුතර පානීය ජල ව්‍යාපෘති සඳහා සහය ලබාදීමට අපේක්ෂා කරන බවයි.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ වකුගඩු රෝගයට ගොදුරු වූවන් 60,000ක් වෙනුවෙන් ආධාර ලබාදීමට ජපන් රජය එකඟතාවය පළ කළේය. උතුරු පළාතේ ලක්ෂයකට පානීය ජලය සපයාදිය හැකි ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට සහය ලබාදෙන බව ඕස්ට්‍රේලියානු තානාපතිවරිය සඳහන් කළාය.
අමාත්‍යවරුන් වන රාජිත සේනාරත්න, රාවුෆ් හකීම්, ජනාධිපති ‍ලේකම් පී.බි. අබේකෝන් යන මහත්වරුන්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
Lakbima
(පානුක රාජපක්ෂ)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here