වගකිවයුතු අයගෙන් විසඳුම් පතා ඉඩම් අහිමි ජනතාව රැස්වෙති.

0
110

DSC_1215

මීගමුව  ජනාවබෝධ  කේන්ද්‍රයේ  මූලිකත්වයෙන්  ඉඩම්  අහිමි  ජනතාවගේ  ප්‍රශ්ණය  සාකච්ඡා  කිරීම  අරමුණු  කරගනිමින්  අද සවස   (27)  මීගමුව  තම්මිට  කාදිනල් කුරේ  මධ්‍යස්ථානයේදී     රැස්වීමක්  පවත්වන  ලදී.   විශාල  ජන  පිරිසක්  සහභාගීවූ  මෙම  රැස්වීමේ  ප්‍රධාන  අරමුණ වූයේ  මීගමුව  නගරසභාවේ  නගරාධිපති  වරයා  ඉදිරියේ  ඉඩම්  ප්‍රශ්ණය    සාකච්ඡාවට  ගනිමින්  ඔහුගෙන්  මේ  සඳහා  සහයෝගයක්  ලබාගැනීමටයි.

පළමුවෙන්ම  මීගමු  ජනතා ඒකාබද්ධ සංවිධානයේ  ඉල්ලීම්  පැහැදිළි  කරමින්  සැකසූ  ලිපියක්  එහි  ලේකම් විසින්  නගරාධිපතිවරයාට  භාරදෙන   ලදී.   ඉන්පසුව   වැල්ලවීදිය –  කාමච්චෝඩය – මුන්නක්කරය_  මහවීදිය  –  දළුවකොටුව –   යන   ගම්වල  ඉඩම්  අහිමි   ජනයාගේ නියෝජිතයින් විසින්   සමහර  පවුල්  නිවසක්  නැතිනිසා  කුලී  නිවසක  සිටීම  මත  සියළු  මිනිස්  අයිතීන්  අහිමිවී  ඇති  ආකාරය  ගැනත්,  ජලබිල්,  ඉඩම්ඔප්පු,  විදුලිබිල්  ආදිය නැති නිසා  තමන්ගේ  දරුවන්   පාසැලකට  යවාගැනීමේ  අපහසුතාවය  ඇතුළු  තමන් මුහුණදෙන  ගැටළු  රාසියක් පිළිබඳවත්, මෙම  ඉදිරිපත්  කරන ලදී. මීගමුව නගරාධිපති දයාන් ලාන්සා මහතා    සභාව  අමතමින්  ප්‍රකාශකළේ   තමන්  කෙසේ හෝ  මෙම  සියළු  ජනතාවට  ඉඩමක්  ලබාදීමට  කටයුතු  යොදන බවය.
ගරු සිස්වාන් පියතුමා , සරත් ඉද්දමල්ගොඩ යන පියවරුන් සහ ගරු නොයෙල් ක්‍රිස්ටීන් කන්‍යාසොහොයුරිය ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

DSC_1232