වටිනා පරිසර පද්ධතියක් විනාශයට යා නොදි රැකගැනීම වෙනුවෙන් ශ්‍රමදානයක්

0
395

 මීගමුව ක⁣ඩොල් කැලේ ප්‍රදේශයේ සණස බැංකුව අසල පිහිටි කඩොලාන ශාක පද්ධතියකින් සමන්විත පොදු බිම් කොටසේ අද   29/04/2024 උදෑසන  ශ්‍රමදානයක් පැවැත්විණි. ජාතික සමාජ සංවර්ධන ආයතනය මෙහෙය වන උපාධි පාඨමාලාව හදාරන අනුරාධපුරේ පදිංචි චේත්‍යා ලංකානි සිසුවිය ප්‍රමුඛ තරුණ කණ්ඩායමක් විසින් මෙම ශ්‍රමදානය සිදුකෙරිණි. චේත්‍යා ලංකානි සිසුවිය මේ වනවිට සිය උපාධි පාඨමාලාවේ හතරවන වසරේ සිය අධ්‍යයන කටයුතු සිදුකරනු ලබයි. ඇය විසින් කළ යුතු ප්‍රජා සංවර්ධන වැඩසටහන සඳහා , තෝරාගෙන ඇත්තේ මීගමුව ක⁣ඩොල් කැලේ පිහිටි පාරිසරික වශයෙන් විශාල වටිනාකමක් ඇති මෙම කඩොලාන ශාක වලින් සමන්විත පර්චස් 40 කට අධික ප්‍රමාණයක පමන වපසරියකින් සමන්විත මෙම බිම් කොටස සුද්ද පවිත්‍ර කිරීමේ වැඩසටහනකි.

මෙම  ශ්‍රමදානය පැවැත්වීමට කටයුතු සංවිධානය කළ චේත්‍යා ලංකානි සිසුවිය පවසන්නේ මීගමුව වැනි ලංකාවේ ප්‍රධානතම නගරයක මෙවැනි වටිනා පරිසර පද්ධතියක් මිනිස් ක්‍රියාකාරකම් නිසා අපවිත්‍රවී විනාශ වී ආකාරය ඉතා කනගාටුදායක බවය.  මෙවැනි වටිනා පාරිසර පද්ධතියක් සහිත භූමියකට කැලි කසල බැහැර කිරීම තුළින් මෙම බිම් කොටසේ ඇති වසර තිහකටත් අධික කාලයක සිට ස්ථාපිත වී ඇති කඩොලාන ශාකයන්ට දැඩි ලෙස හානි සිදුවිය හැකි බවයි.එමෙන්ම ඒ ආශ්‍රිතව වෙසෙන සත්ව ප්‍රජාවන්ද විනාශ වී යා හැකි බවයි. එහෙයින් පාරිසරික වශයෙන් මිල කළ නොහැකි වටිනාකමකින් යුත් මෙවැනි කඩොලාන සපිරි බිම් කොටසක් අනාගතය වෙනුවෙන් රැක ගත යුතු බව ඇය වැඩිදුරටත් අවධාරණය කරයි. එලෙසම ඇය පෙන්වා දෙන්නේ වෙනත් ශාක වලට වඩා කඩොලාන ශාකයන්ගෙන් මිනිස් සිරුරට අවශ්‍යම ඔක්සිජන් වායුව වැඩි වශයෙන් අවට වායුගෝලයට මුදා හරිනු ලබන බවයි. ඒ නිසා මෙවැනි පාරිසරික වශයෙන් වටිනා කියන පාරිසරික වශයෙන් වැදගත් භූමින් රැකගත යුතු බවයි.
මෙම ශ්‍රමදානය වෙනුවෙන්  කලපු සංවර්ධන කළමනාකරණ අධිකාරියේ සභාපති රමේෂ් නිලංග මහතාගේ සහයෝගය , මීගමුව මහ නගර සභාවේ පවිත්‍රතා අංශයේ සේවක මහතුන් දෙදෙනකුගේ සහ ගම්වාසින්ගේ සහයෝගය ලැබී තිබුණි.

 

තුෂාර රොහාන්