(4.15 pm ) රවින්ද්‍රෙග උපන්ගම නුවර. මීගමුවට ඇවිල්ල අවුරුදු 16ක් වෙනව. මීගමුව කොතලාවල පාලම ලග තමයි ඔහුගෙ කුඩා වෙළදාම කරගෙන යන්නෙ. ජීවත්වෙන්න වෙනත් රස්සාවක් ගැන ඔහු දැනගෙන හිටියෙ නෑ. ඒනිසා වඩ විකිණීම ප්‍රධාන ජීවනෝපාය කරගෙන තියෙනව. කරත්තයක වඩටික පිළිවෙලකට අසුරා තිබුනා. ඒවා කඩදාසි උරවලට දමා දෙනඑක තමයි කරන්න තියෙන්නෙ. වැඩේ සරල වුනාට ජීවිතය සරල නැති බව ඔහු සමග කළ කෙටි කතාබහෙන් අවබෝධ කරගතහැකි වුනා. ඒ කතාබහ සිදුවූනේ මෙසේය.
ඇයි වඩ විකුණන්න හිතුනෙ?
මම ඉස්සෙල්ල වැඩකළේ කොන්සිලියා කියන තෝසෙ කඩේ. බැන්දට පස්සෙ ජීවත්වෙන්න ගන්න දේ මදි. ඒනිසා තනියෙන් මොකක් හරි කරන්න ඔනෙ කියල හිතල වඩ හදල විකුණන වැඩේ පටන් ගත්තෙ. තනියෙන් ඉන්න කොට කරපු විදිහට දැන් බෑනෙ. ළමයි 3දෙනෙක් ඉන්නව. දෙන්නෙක් ස්කෝලෙ යනව.
මේව හදන්නෙ කොහොමද? ආදායම වියදම කොහොමද?
පිටියි, උළුදුයි,පරිප්පුයි ඕනෙ. දවසකට පිටි කිලෝ 6ක7ක වඩ හදාගන්නවා. මගෙ බිරිදත් උදව් වෙනව. රු. 3500/ ක විතර වියදම යනව. බිම් කුලිය විදිහට නගරසභාවට රු. 50ක් ගෙවනව. මේ කරත්තෙ මමයි හැදුවෙ. ඒකට රු.65000/ක් ගියා.ණයක් අරගෙන හැදුවෙ. වියදම එක්ක බැලුවහම ලැබෙන ආදායම අඩුයි. රු. 1000/ක් 1500/ ක්වග් තමයි ලැබෙන්නෙ. සමහරදාට එහෙමත් නෑ. ගෙවල්කුලී රු. 7500/ ක් ගෙවනව.කෑමබීමථ ළමයින්ට උගන්වන්න ගියහම ඉතුරුවක් නෑ. දැන් තියෙන තත්වෙ එක්ක මේකෙන් ජීවත්වෙන්න බෑ.
මුහුණදුන් ප්‍රශ්ණ මොනවාද?
මෙතනින් අයින්වෙන්න කියල පොලීසියෙන් කිව්ව. මේ වැඩේ අතහැරල මට වෙන කරන්න දෙයක් නෑනෙ.ඊලගට පොලීසියෙන් කිව්ව රෝදවලට ටයර් දාන්න කියල. ඒකටත් ලොකු වියදමක් ගියා.මන්ද මේවටම කියල අළුත් ටයර් දාන්න සිද්ධ වුනා.
ජීවත්වීම සදහා අරගල කරන මිනිසුන් අතරමෙවැනි මිනිස්සු කොතෙකුත් හමුවෙයි.සරල දිවියක් ගවන මේ මිනිස්සු උත්සාහ කරන්නෙ තමන්ගෙ එදිනෙදා දවස ගෙවනව වගේම කීයක් හරි ඉතුරුකරල තව ටිකක් තමන්ගෙ පවුල්වල ඇති අඩුපාඩු මකාගන්න. ඒවුනත් තට ලැබෙන මුදලින් ඒ බලාපොරොත්තු ඉටුකරගන්නබෑ. රවින්ද්‍ර සම්බන්ධයෙනුත් කියවෙන කතාවත් එයමයි.
තමන්ට කියල ඉඩමක් හෝ ගෙයක් නැති නිසා කුලියට තමයි ජීවත්වෙන්නෙ. තාත්ත මියගියාට පස්සෙ අවුරුදු 69 වූ අම්මව බලාගන්න වෙලා තියෙන්නෙ රවින්ද්‍රට. මේ අනුව පවුලක් නඩත්තු කරන්නට අතට ගන්න ප්‍රමාණය අඩුයි. ඒනිසා විකල්ප වැඩක් කරන්න සිද්ධ වෙලා තියෙන්නෙ. රට යන අදහසකුත් තිබෙන බව ඔහු ප්‍රකාශ කරන්නෙ විකල්පයක් ලෙසයි.
සැම්සන් ඥානසිරි