වත්තල ඇවිදින මංතීරුව කඩපු එක ගැන ඇමති නිමල් ලංසා නිහඩ ඇයි ?

0
82

ඇවිදින මංතිරුව 1එජාප ඇමති ජෝන් අමරතුංග මහතා විසින් වත්ත මාබෝල ප්‍රදේශයේ ඇල සමිපයේ ඉදිකර තිබුන ඇවිදින මංතිරුව කඩාබිද දමා තිබිම ගැන මේ වන විට දේශපාලන ක්ෂේත්‍රය තුල මෙන්ම මාධ්‍ය වලද දැඩි කථාබහකට ලක්ව තිබේ.
මේ මංතිරුව ඉදිකරන්නට යෙදුනේ පසුගිය රජයේ ආර්ථික කටයුතු භාර ඇමතිව සිටි බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රතිපාදන යටතේ එවකට පළාත් මාර්ග ඇමතිව සිටි නිමල් ලංසා මහතා විසිනි.
මේ සදහා දරන්නට සිදුව තිබුන වියදම රු.කෝටි 8 ක් බව මාධ්‍ය විසින් වාර්ථා කර තිබුණි.
එහෙත් මේ පිළිබදව කිසිදු විවේචනයක් ඇමති නිමල් ලංසා විසින් කර තිබුණ බවක් නම් මේ දක්වා නොපෙනේ.
මෙයට හේතුව ලෙසින් තතු දත් දේශපාලන කවයන් හි කථා වෙනවා යැයි කියන්නේ ජෝන් අමරතුංග ඇමතිවරයා හා ඇමති නිමල් ලංසා අතර කිසියම් කරුණක් සමබන්ධයෙන් ඇති තිබුන එකඟතාවකි.
ඒ එකඟතාව යැයි දැනට ඒකි කවයන් හි කථාබහට ලක්ව ඇත්තේ ඇමති ලංසාට අයත් ඉඩමක් බේරාගැනිම වෙනුවෙන් වු ඩීල් එකක් බවය.
මීගමුව බිච් පාක් එකේ ඉදිකර තිබෙන පිහිණුම් තටාකය හා ද බොට්  නම් වු ඇමති ලංසාගේ මස්සිනා කෙනෙකු විසින් පවත්වාගෙන යනු ලබන බිච් පාක් එක සමිපයේ වු හෝටලය බේරා ගැනිම මේ ඩීල් එකේ හරි මැද  බවට කතාවක්ද මේ වන මීගමුවේ දේශපාලන කවයන් අතර පැතිර යමින් තිබේ.