වත්තල ජේෂ්ඨයන්ට පාට් දාන්න ගිය නිමල් ලංසා ඉගෙන නොගත් දේශපාලන පාඩම !

0
175

neel(12. 15 pm ) දැනට කලක පටන් නිමල් ලංසා කස්තිරම් අල්ලමින් සිටින්නේ පොහොට්ටුවේ වත්තල සංවිධාකයා වන්නටය. එහෙත් එයට එරෙහිව ඇති බලවත්ව අභියෝගය බවට පත්ව ඇත්තේ එහි සිටින ජේෂ්ඨ දේශපාලකයෙකු වු නීල් රූපසිංහය.
වත්තල නාගරික මන්ත්‍රිවරුන් අතිබහුතරයක් සිටින්නේ ඔහු සමගින්ය.
තතු එසේ තිබියදි පසුගිය කාලයේ අවස්ථා කිපයකදිම මේ නාගරික මන්ත්‍රිවරුන්ව තම අණසක යටතට ගැනිම සදහා අසාර්ථක උත්සාහයන් කිපයක්ම දියත් කර තිබුණි.එහෙත් ඒ සියල්ල කෙලවර වි තිබුනේ ලංසා කවදාවත් ඉගෙන ගැනිමට අකමැති කදිම දේශපාලන පාඩමක් ඉතිරි කර තබමිනි.
මේ පසුබිම තුල නිමල් ලංසා දැන් වත්තල නාගරික මන්ත්‍රින් අතර විහිළුවට පත්ව සිටින චරිතයක් බවට පත්ව තිබේ.ඒ තම ජේෂ්ඨයාට චණ්ඩි පාට් දැමිමට යාම නිසා යැයි එකි මන්ත්‍රිවරු කියා සිටිති.