වත්තල ලංසාට එපාවෙයි.?

0
108

nimal_lanza_actගම්පහ දිස්ත්‍රික්කය තුල වේගයෙන් ඉදිරියට පැමිණ ශ්‍රිලනිප දේශපාලකයා වුයේ බස්නාහිර පලාත් සභා ඇමති නිමල් ලංසාය.
එහෙත් ඔහුට තිබුණ ලොකුම ප්‍රශ්ණය වුයේ ඔහුගේ නම ඉදිරියෙන් සංවිධායක යන චචනය නොතිබිමයි.
මේ නිසාම පසුගිය පලාත් සභා ඡන්දයේදි දේශපාලනික වශයෙන් කිසිදු වැදගත් කමක් නැති නමට පමණක් සිමා වු තනතුරක් බදු වු ගම්පහ දිස්ත්‍රික් සංවිධායක යන කෑල්ලක් ඔහු ලබාගෙන තිබුණි.
එය පවා ඔහුට කොයිතරම් නම් වටින්නේද දැයි පෙනුනේ ඒ වෙනුවෙන් ඔහු සවිකළ අතිදැවැන්ත කට්අවුට් දෙස බලන කල්හිය.
කෙසේ වෙතත් හිටපු ජනපති කිසිදු ලෙසකින් ඔහුට සංවිධායකධුරයක් දෙන්නට කටයුතු කර තිබුනේ නැත
වත්තල කෙසේ හෝ ඔහුට ලැබෙනු ඇතැයි ඔහු සිතන්නට පටන් ගෙන දැන් වසර හතරක් පමණ ඉක්මවා ගොසින්ය.එහෙත් මහින්ද රාජපක්ෂ එය නීල් රූපසිංහගෙන් ගෙන ලංසාට දුන්නේ නැත.
කෙසේ වෙතත් දැන් ලංසාගේ නමට ඉදිරියෙන් සංවිධායක යන වචන එල්ලා ගන්නට ඉඩ ලැබි ඇත.එහෙත් අරුමය වන්නේ නිමල් ලංසා මෙයට කිසිදු ප්‍රචාරක වටිනාකමක් නොදිමයි.
කට්අටුට් බැනර් දේශපාලනයේ රුසියෙකු වු නිමල් ලංසා මේ වෙනුවෙන් කට්අටුට් හෝ බැනර් ගැසු බවක් හෝ පෙනෙන්නට නැත.එපමණක් නොව දේශපාලන ආරංචි මාර්ග පවසා සිටින්නේ ඔහු අඩුම තරමින් වත්තල ආසනයට ගොස් එහි වැඩ කරන බවක්ද නොපෙනෙන බවය.
මෙහි අරුමය වන්නේ තවත් මාස 3 කින් පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්විමට බොහෝ ඉඩ තිබියදි ඔහු එසේ කටයුතු කිරිමයි.
ඉන් කියැවෙන්නේ කුමක්ද ?
නිමල් ලංසා රුවල් දමන්නට හුලං අත බලමින් සිටින බවද ?