වත්තේ අයිතිකරු අතින් සේවිකාවක් අනතුරට

0
54

අගෝස්තු 04 වනදා මාදුරේ ‘තේවානි වත්ත, ලෙස හැදින්වෙන අක්කර 20ක පොල් ඉඩමේ දී මෙම අනතුර සිදුවී ඇත. වත්තේ පොල් කැඩීම සදහා එහි අයිතිකරු ු පැමිණ ඇති අතර වැඩ අවසන් කර  යාමට සැරසෙන විට එම වත්තේ සේවිකාව වැසිිලියට ගොස් සිට ඇති අතර  අයිතිකරු සිය වාහනය රිවර්ස් කරමින් සිටින අතරවාරයේ එම සේවිකාව පිටතට   ප ැමිණෙනවාත් සම ගම ඇය වාහනයට හැපී ඇති බව වාර්තා වේ.
එස් නාගේෂ්වරී (රාණි) නම් 46 හැවිරිදි කාන්තාව මෙසේ අනතුරට ලක්වී ඇති අතර මීගමුව රෝහලට ඊයේ සවස 5-30ට පමණ ඇයව ගෙනවිත් තිබේ. පසුව පැයකට පමණ පස මරණය සිදුවී ඇති අතර තවමත් ඇයගේ දේහයේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකර නොමැත. ඇය දෙදරු මවක් බවද වාර්තා වේ.මේ සම්බන්ධ පරීක්ෂණය මාකදුර පොලීසිය මගින් සිදුකරයි.images