වතු කම්කරුවන්ගේ අරගලයට දායක වෙමු.

0
57

DSC_0958

වසර  200කට  වැඩි   කාලයක්   තිස්සේ  ශ්‍රම  සූරා  කෑමට  ලක්වී  සිටින  වතුකම්කරුවා  ගැන  මේ  වනවිට  යම්  සාකච්ඡාවක්,  සංවාදයක්   රටතුළ  යම්  ප්‍රමාණයකට හෝ  ඇතිවෙමින්  පවතී. මේ  අනුව  ප්‍රභාතය  නම්වූ  කලා හා  මාධ්‍ය  සංවිධානය විසින්   සංවිධානය   කරන ලද  සාකච්ඡාවක්  10වන  ඉරිදා  මීගමුව,  ජනාවබෝධ කේන්ද්‍රයේදී  පැවැත්වින.  මෙම  වැඩසටහනේ  සම්පත්දායකයෙකු  ලෙස  සහභාගීවූ  සත්‍යවේල්  පියතුමා  විසින්  වතුකරයේ   ජනයා  මුහුණදෙන  ගැටළු  පිළිබඳව   වැදගත්  කරුණු  ගනනාවක්  මත  සාකච්ඡාවට  අදාල  ප්‍රවේශයක්  ගන්නා  ලදී.  මෙහිදී  ප්‍රධාන  වශයෙන්  පැහැදිළි  කරන  ලද්දේ  මෙය  මෙම  ජනතාවගේ  වැටුප  පිළිබඳව  පමණක්  පවතින  ප්‍රශ්ණයක්  නොවන  බවත්,  එය  ඔවුන්ගේ  ජීවත්වීම  උදෙසා   පවතින  අරගලය  සම්බන්ධ  සාකචඡාවක්වක්ද  වන  බවත්ය.

වතුකරයේ  අදවනවිට  තේ  නිෂ්පාදනයෙන්  70% ක්  නිපදවන්නේ   කුඩා  තේ වතුහිමියන්  විසින්ය.  පෞද්ගලික  අංශයෙන්  30%ක්  නිපදවයි.  මෙම  කුඩා  තේ  වතුහිමියන්  වතුකම්කරු  ඇමති  වන  නවීන්  දිසානායකගේ  ආරක්ෂාව  සහ  අනුග්‍රහය  ලබමින්    වතුකම්කරුවන්  පීඩාවට  පත්කරයි.  එසේම  තොන්ඩමන්,  දිගම්බරම්  වැනි  අයත්  මෙම  ජනයා  වෙනුවෙන්  නොව   හාම්පුතුන්  වෙනුවෙන්  පෙනී  සිටින  අය වන  අතර  ඔවුන්ද  වතුකම්  කරුවන්  වෙනුවෙන්   කටයුතු  නොකරති.   තවත්  වැදගත්  කරුණක්  වූයේ  මෙම  වතුකම්කරුවන්  වතුකරයෙන්  ඉවත්කිරීමේ   සහ  වතු  ජනතාව  අඩුකිරීමේ   වුවමනාවක්  ආණ්ඩුවට  පවතින  බවට  ඉදිරිපක්වූ  අදහසයි.   මේ  අනුව  වතු  ජනයා  අතර  විශාල  වශයෙන්  උපත්පාලන  වැඩසටහන්  ක්‍රියාත්මක  කරන බව  පැහැදිළි  කරන ලදී. 1972    රජයට  පවරා  ගත්  නමුත්  නැවත  1990 දී  කම්පැනි  22කට  වතු  පවරා  දුන්  බව  පැහැදිළි කළ  සත්‍යවේල්  පියතුමා  පවසන්නේ  රජය  අනුගමනය  කළ  අදූරදර්ශී  ක්‍රියාමාර්ග  නිසා  වතුවලින්  පාඩු  ලබා  ඇති  බවත්  ඒ නිසාම  නැවත  රජයට  පවරාදීම  උදෙසා   එම  කාරණය  මතුකර  පෙන්වන  බවත්ය.  නමුත්  වතුවලින්  පාඩුවීමේ  හේතු  දන්නා  වතු හිමියන්   වතු  නැවත  ලබාගන්නේ  ඉන් විශාල  වශයෙන්  ලාභ  ලැබිය හැකිබව  දන්නා  නිසාය.  කෙසේ නමුත්   වතුහිමියන්  රජයේද  අනුග්‍රහය  ඇතිව  තමන්ට  අවශ්‍ය පරිදි  සියල්ල  කලමණාකරණය  කරන  බවත්,  රජයේ  සියළු  නායකයින්  මේ  ජනතාවට  නාකත්වය  දියහැකි  අය  නොවන  බවත්   සත්‍යවේල්  පියතුමාගේ  අදහස්  දැක්වීම  තුළ පැහැදිළිවේ.

පසුව  යම්  ක්‍රියාමාර්ගයකට  යායුතු බවට  තීරණය වූයෙන්   මේ  සඳහා  23  වන  දින  සංවිධාන    සහ  පුද්ගලයින්  කිහිපදෙනෙකුගේ    එකතුවෙන්    සාකච්ඡකොට  ඒ  පිළිබඳව  වැඩපිළිවෙලක්  සකසා  ගතයුතු බවට  තීරණයක්  ගන්නා  ලදී.