එක් අවධියකදී රාජ්‍ය නොවන සංවිධානයක් වන ජනාවබෝධ කේන්ද්‍රයේ ක්‍රියාකාරිකයෙකු ලෙස ක්‍රියාත්මක වූ අතර සුසිල් මහතා ඉන් ඉවත්වූයේ වෙනත් අය මෙන් වෙනත් රාජ්‍ය නොවන සංවිධානයක රැකියාවක් කිරීමට නොවේ. ඔහු විසින් විශ්වාස කළ නව ජීවන දහමක් සමඟ ජීවිතය ඇරඹීමටය. ඒ නිසා සුසිල් මාළු ලෙල්ලම අසල කිරිහලක් ආරම්භ කරන ලදී. නමුත් ඔහුගේ ප්‍රධාන අරමුණ වූයේ පැල වගාව තුළින් ඉදිරිගමනක් කරා යොමුවීමටය. අද එම මගට පිවිසී ඇති ඔහු එහි සාර්ථක පියවරක් තබා ඇත.
මම සුසිල් ප්‍රනාන්දු. දැන් වයස අවුරුදු 49යි. මගේ බිරිඳ ශ්‍යාමා ප්‍රියන්ති 43 , අපිට දරුවො දෙන්නයි. නිකිල් කවීශ ,
කවිඳු දිල්ශාන්. ඔවුන් තවම ඉගෙන ගන්නවා. මම උසස් පෙළ දක්වා ඉගෙන ගත්තා. වැඩියෙන්ම කැමැත්තක් තිබුණේ විෂය උද්භීද විද්‍යාවයි. මට පසුකාලීනව ඒ විෂයේ බලපෑමක් ආභාෂයක් තිබුණ බවයි මගෙ හැඟීම.
ඔබ කොහොමද මේ ක්ෂේත්‍රයට අවතීර්ණ වෙන්නේ ?
මෙම ක්ෂේත්‍රය පිළිබඳව ලැබූ ප්‍රායෝගික අත්දැකීමට එහා ගිහිල්ල වැඩි අවබෝධයක් ගොඩනගාගැනීමේ අවශ්‍යතාවයක් මට පැන නැගී තිබුනා.
ඒ අනුව මම කොළඹ ඇකවයිනාස් ආයතනයේ වැවිලි කලමණාකරණ පීඨයේ N V Q 5 භූමි අලංකරණ ඩිප්ලෝමා පාඨමාලාවක් හැදෑරුවා. වර්ෂයේ සිට මම මේ පැල එකතු කිරීමේ කටයුත්ත කරනවා. දැනට මා සතුව පැල වර්ග 500 ක් පමණ තිබෙනවා.
වසර ගානක් තිස්සේ ජීවත්වුනේ කුලී ගෙවල්වල. මට ස්ථිර තැනක් තිබුනෙ නෑ. යන යන තැන්වලට මේ පැලත් අරගෙන ගියා. නමුත් මම ඒ කිසිවක් ප්‍රශ්ණයක් කර ගත්තේ නෑ. මේ කිසිම පැලයකට කෘතිම රසායනික පොහොර දැම්මෙ නෑ.
ඔසු උයන් වල තත්වය කොහොමද ?
මාරිස්ටෙලා විදුහල් ශාඛාව , තිඹිරිගස්කටුව , රාජපක්ෂ උද්්‍යානය මීගමුවේ B C I ආයතනය වැනි ස්ථානත්, ආඬිඅම්බලම මහ විදුහල, කිඹුලපිටිය මහ විදුහල, ශාන්ත පීතර මහ විද්‍යාලය, වලාන ක. වි. ය , ඔසු උයන් සඳහා දායකවීමේ හැකියාවක් මට ලැබුනා. ඒ වගේම බණ්ඩාරණායක සම්මන්ත්ර ණ ශාලාව ඇතුළු ස්ථාන 10ක ප්‍රදරශන පවත්වා තිබෙනවා.
පවුලේ සහයෝගය කොහොමද?
මගේ බිරිඳ සහ දරුවන් දෙදෙනා මේ සියළු කටයුතු වලට දෙන දායකත්වය නොවන්නට මේ දේවල් මේ ආකාරයට කරන්න මට ලැබෙන්නෙ නෑ. ඔවුන් මේ වැඩවලට ආශාවෙන් මැදිහත් වෙනව. ලොකු පුතා නිකිල්, දෙවෙනියා කවිඳු මේ වැඩවලට දෙන දායකත්වය නිසා මට දැනෙන්නෙ පුදුම සතුටක්.
ඔබේ අරමුණු ඉදිරි කටයුතු ගැන යමක් කිව්වොත් ?
මගේ එක අරමුණක් තමයි බෙහෙත් වත්තක් නිර්මාණය කිරීම. බෙහෙත් කඩවලින් සමහර වෙලාවට දෙන බෙහෙත් ගැන කිසි විශ්වාසයක් තියන්න බෑ. මී ඇට කඩෙන් ගන්න කොට ඒවායේ මදේ නෑ. දුම්මැල්ල වෙනුවට පතෝල වැල් වේලල දෙනව. කොල්ලංකොල වේළුනුවිට කුඩුබවට පත්වෙනව.මේ විදිහට වීමේදී පාරම්පරික වෙදකමට තමයි ඇඟිල්ල දිගුවන්නෙ. බෙහෙත් වත්තක් තිබේනම් ඕනෑම අයෙකුට විශ්වාසයක් ඇතිව අදාල බෙහෙත් ලබාගන්න පුළුවන්.
අනික් පැත්තෙන් නාගරික ගෙවතු වගාව ගැනත් දැනුවත් කිරීමේ වැඩසටහන් කරනව. මම තවත් වැදගත් දෙයක් කරමින් ඉන්නව. ඒ දේශීය වන පලතුරු වගාව සඳහා අදාලව පැල එකතු කිරීම. මේ වනවිට එම පලතුරු වර්ග 10 ක් පමණ මම එකතු කරල තියෙනව.
සුසිල් මහතා පරිසරයට සහ ගහකොලවලට දක්වන ආදරය භාවිතාවෙන්ම සනාථ කල අයෙකි. මීගමුව සාමාන්‍යෙයන් කෘෂිකාර්මික කටයුතු සඳහා සුදුසු පරිසරයක් වශයෙන් ඇත්තේ අවම ඉඩ කඩකි. නමුත් එවන් පරිසරයකදී වුව සියළු බාධක අභිබවා ඔහුගේ උත්සාහය නැගී සිටී. ඔහු සතු පැල වැඩෙන්නේ මල්පෝච්චි තුළය. එම පැලයක් තුළින් ඵලයක් දකින ඔහුගේ සතුට උතුරා යයි. පැලයක් ඔහුට මහාර්ග වස්තුවකි. උපන්දිනයට කැපෙන කේක් ගෙඩියට වඩා පැලයක් සිටුවා එය ලොකු මහත්කර නෙලාගන්නා ගෙඩියට ඔහු වැඩි කැමැත්තක් දක්වයි. එක්වරක් පලතුරුවර්ග 6ක පැල 200ක් බෙදා දුන්නේ කවිඳු පුතාගේ ලැබිලි උත්සවය වෙනුවෙන්ය. මේ පරිසරවේදියාගේ හැඟීම්, සිහින සහ අරමුණු විශාලය. නමුත් පටු දැක්මකට ඒ විශාලත්වය නොපෙනෙන බව කිවයුතුය.
සටහන- සැම්සන් ඥානසිරි