වදහිංසාවට ලක්වුවන්ගේ ජාත්‍යන්තර දිනය සැමරේ …..

0
150

Book PrasentationPhilip Dවධහිංසාවට ලක්වූවන්ට සහාය දැක්වීමේ ජාත්‍යන්තර දිනය නිමිත්තෙන් වින්දිතයන් හා මානව හිමිකම් කි‍්‍රයාධරයන් එක්ව පවත්වනු ලබන විශේෂ උත්සවයක් කොළඹ 07, නිදහස් පටුමගේ පිහිටි ඔලිම්පික් හවුස් ශ‍්‍රවනාගාරයේ දී පැවැත්විය.

මෙම වැඩසටහන සදහා පහත්කොට සැලකීම් හා ජාතිභේදවාදයට එරෙහි ජාත්‍යන්තර ව්‍යාපාරයේ සභාපති ආචාර්ය නිමල්කා ප‍්‍රනාන්දු, රුහුණු විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ජේෂ්ඨ කථිකාචාර්ය අධිකරණ විශේෂඥ වෛද්‍ය යු.සී.පී. පෙරේරා හා නීතිඥ ලක්ෂාන් ඩයස්, රයිටු ලයිෆ් මානව හිමිකම් සංවිධානයේ විධායක ලේකම් පිලිප් දිසානායක යන අය හා  වත්තල පොලීසියේ දී වධහිංසාවට පාත‍්‍රව පසුව ඝාතණයට ලක්වූ ජෙරාඞ් මර්වින් පෙරේරාගේ බිරිද වන පද්මා වික‍්‍රමරත්න, කන්දෙකැටිය පොලිස් පහරදීමෙන් මිය  ගිය සදුන් මාලිංගගේ මව වන කේ.යූ. මල්ලිකා යන අය විශේෂයෙන් අදහස් දැක්වී.