‘ වන්දි එපා‘ මගේ පුතා අතුරුදහන් කියලවත් සහතිකයක් දෙන්න-

0
46

Screenshot from 2016-03-30 01:07:30පසුගිය සමයේදී උතුරේ ඝාතනයට හා අතුරුදහන්වීමට ලක්වූ මාධ්‍යවේදීන්ගේ පවුල්වල සාමාජිකයන් හා සාකච්ඡාවක් අද (27) යාපනයේදී පවත්වන ලදී. ඒ සඳහා ජනමාධ්‍ය අමාත්‍යවරයා මෙන්ම නියෝජ්‍ය අමාත්‍යවරයාද ,උතුරේ සහ දකුණේ මාධ්‍යවේදීන් ද සහභාගී වූහ.
එම සාකච්ඡාව සඳහා සහභාගී වී සිටි අතුරුදහන් වූ සුභමනියම් රාමචන්ද්‍රන් මාධ්‍යවේදීයාගේ පියා වේදිකාවට පැමිණ එක් ඉල්ලීමක් කරන ලදී.
එහිදී ඔහු කියා සිටියේ තමන්ට තමන්ගේ පුතා වෙනුවෙන් වන්දි අනවශ්‍ය බවත් , ඒ වෙනුවට තමන්ගේ පුතාට ඇත්ත වශයෙන්ම සිදුවුයේ කුමක්ද යන්න පිලිබඳව නිසි පිලිතුරක් තමන්ට අවශ්‍ය බවයි. තමන්ගේ පුතාගේ අතුරුදහන්විම පිළිබඳව සත්‍ය වශයෙන් සහතියක් ලබා දෙන ලෙසට ඔහු තවදුරටත් ඉල්ලා සිටියේය.Murderd J 3