වන්නියේ කැලෑ මල්

0
77

fod 5

වන්නියේ කැලෑ මල්
කැමරාව ලග
පොරකෑවා,
ෆොටෝ නම් ගත්තා
හිත  කැඩුණා..

මෑනිවරු
අද කොළඹට ආවේ
පිල්ලේට ගතු කියන්ඩ …

දරු දුක් නිසා
පපු කැවුතු වල සිරකරපු
විස්සෝප ගංගා දෝරේ ගියා..

කඳුලු හරි ලගයි..
හැපී හැපී කිව්වේ
දරු දුකමයි..
අඩ අඩා ඇහුවේ
දරුවෝ ගැනමයි..

පයට දූවිලි මල්මාලා දමාගෙන
කොළඹට ආපු අම්මලාට
මොන ‘හයි වේ’  ද
දරුවෝ ආයේ වදන්ඩ ද?

කුමාරි ප්‍රනාන්දු