වන අලි ප්‍රහාරයකින් සිල්මාතාවක් සහ දැරියක් මිය යයි !

0
84

1575093275-elephant-attack_lදිඹුලාගල, ඇල්ලේවැව ගම්මානයේ දී අද (30) අලුයම 3ට පමණ වන අලියෙකු පහර දීමෙන් අවුරුදු 12ක් වයසැති පාසල් දැරියක් මියගොස් ඇති බව අරලගංවිල පොලීසිය කියයි.

මෙලෙස මියගොස් ඇත්තේ දිඹුලාගල ඇල්ලේවැව බී 06 ලිපිනයේ පදිංචිව සිටි ඩබ්ලිව්.එම්.ඩබ්ලිව්.ජී හිරුෂි නිෂාදි දිසානායක යන දැරියකි.

ඇය ඇල්ලේවැව මහ විද්‍යාලයේ 06 ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි දැරියකි.

තම වැඩිමහල් සොයුරිය සමඟ අළුයම 03 ට පමණ නිවසින් මිදුලට පැමිණි අවස්ථාවේ මෙම වන අලි ප්‍රහාරයට මුහුණ දී ඇත.

අරලගංවිල පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක කේ.පී.ඩබ්ලිව් ප්‍රේමලාල් මහතා ඇතුළු පොලිස් නිලධාරි කණ්ඩායමක් සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

සිල්මාතාවටත් වන අලි ප්‍රහාරයක් !

1575109762-elephnt_l

වන අලියෙකු සිදුකළ පහරදීමකින් නාඋල නාලන්ද බෝගස් බොබැල්ල ප්‍රදේශයේ ආරාමයක වැඩසිටි සිල්මාතාවක් ඊයේ (29) පස්වරුවේ අපවත් වී ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ අතරගල්ලෑව ඥාන මිත්තා නැමැති 60 හැවිරිදි සිල්මාතාවක්.

ලංකාව පුරා වැඩසිටින සිල් මාතාවන්ගේ වාර්ෂික සම්මන්ත්‍රණ මාලාව සඳහා සහභාගී වී රාත්‍රියේ ආරාමයට ගමන් කරමින් සිටියදී වන අලියකු පහරදීමෙන් සිල්මාතාව අපවත් වි ඇති බවයි වාර්තා වන්නේ.
මුලාශ්‍රය – ada derana.lk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here