වයඹට ඉල්ලන ඇමති බෑණාට චෝදනාවක් ???

0
234

chilaw 154683911141512sumalසුමල් තිසේරා යනු රාජපක්ෂ ආණ්ඩුවේ ජේෂ්ඨ ඇමතිවරයෙකු වු පිලික්ස් පෙරේරාගේ බැණනුවන්ය. ඔහු මෙවර වයඹ පළාත් සභාවට පුත්තලම් දිස්ත්‍රික්කයෙන් ආණ්ඩුව  නියෝජනය කරමින් තරඟවැදිමට නියමිතය.
ඔහු විසින් පසුගිය දිනක දිස්ත්‍රික්කය  පුරාම අමුතු ආකාරයේ පෝස්ටරයක් අලවා තිබුණි.
එහි සදහන් ව ඇත්තේ රටපුරා ප්‍රාදේශිය සහ පළාත් මට්ටමින් මන්ත්‍රිවරුන් විසින් පසුගිය කාලය තුල සිදුකරන ලද විවිධාකාරයේ දූෂණ ක්‍රියාවන් ගැනය.
මේ සියල්ල අවසන සුමල් තිසේරා මෙසේ අසයි.
මෙහෙම වෙන්නේ ඇයි?????
සුමල් තාප්පය හරහා පුත්තලම් දිස්ත්‍රික්කයෙන් ඇසු ප්‍රශ්ණය නැවතත් අපි ඔහුගෙන් ම අසන්නට වන්නේ මීට වසර කීපයකට ඉහතදි හලාවත මෝයේ වැලි ජාවාරමකට ඔහුද සම්බන්ධව සිටි නිසාය.
……………හලාවත මෝය කට වසරක සැරයක් වැලිවලින් වැසේ .
මේ කාලය තුල ධීවර රැකියාව පුරුදු පරිදි කරගෙන යාමට නොහැකිව ධීවරයන් මහත් අපහසුතාවකට මුහුණ දෙති.
මෙවරද ධීවර බෝට්ටු ගණනාවක් අනතුරුට ලක්වු තිබුණ අතර ඒක් ජිවිතයක්ද මේ නිසා අහිමිව  ගොස් තිබුණි.

මීට වසර කිපයකට ඉහතදි මෙසේ මෝය කට වැසුණු අවස්ථාවක මේ සුමල් තිසේරාත් ඔහුගේ මාමණ්ඩියා වු ඇමති පිලික්ෂ් පෙරේරාත් කළ දුටු කළ වල ඉහගන්නට ගියේය.
එනම් මේ මෝය කටේ වැලි කපා විකුණන්ට සැලසුම් කිරිම හරහාය.
මෙයට හලාවත පොලිසියේ ලොක්කෙක්ද හවුල් ව තිබුණි.
එහෙත් මේ බව දැනගත් හලාවත ධීවරයන් පොලිසියේ වාහන වලටද පහරදි මේ සියල්ලන්වම හලාවත වැල්ලෙන් පන්නා දමා තිබුණි.
පසුව හලාවතේ වැල්ලේ සියළුම ධීවර පවුල් වල සියළු සමාජිකයන්ද එක්කරගෙන මෝය කටේ වැලි උදළු සහ කූඩ ගෙනවිත් ඒවා මගින් ඉවත් කිරිමට දැවැන්ත මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබුණි.
ඒ 2007 වසරේ දිය
.
දෛවයේ සරදම වන්නේ 2013 දි සුමල් හලාවත ඇතුළු පුත්තලම් දිස්ත්‍රික් ජනයාගෙන්  අහන්නේද ප්‍රාදේශීය දේශපාලකයන්ගේ වැරදි ගැනය.
අපි දැන් සුමල්ගෙන් අහන්නේ
ඔහු ඇසු ප්‍රශ්ණයමයි.
  මෙහෙම වෙන්නේ ඇයි?????

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here