වයඹ ධීවර ඇමති ධිවරයෙකුගේ පිටේ කෙටු පච්චය ….?

0
69

 

sanath Nisa 1ශ්‍රී ලංකාවේ සද්ධන්ත වීර පියා
රටට සාමය ගෙන දුන් පියා
රට සංවර්ධනය කරන පියා
තුන්වන වරටත් රට භාරයි ඔබට පියා

කලක් ධීවර ඇමතිව සිටි අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන් වෙත ධීවර ජනතාව තුළ පවතින්නේ ඉමහත් භක්තියක් යැයි සදහන් වන්නේ වයඹ පලාත් ධිවර ඇමති සනත් නිශාන්තගේ FB පිටුව තුලය.

2014-01-04 වන දින පැවති බෝට්ටු සවාරියට සහභාගි වූ ධීවර නායකයෙකු වන කල්පිටිය, කන්දකුලිය, මහින්ද රාජපක්ෂ 50 වන දියවර ගම්මානයේ පදිංචි නීල් සුදත් කිත්සිරි මහතා ජනාධිපති වෙත ඇති තමන්ගේ භක්තිය පළකර තිබුනේ ජනපතිවරණ ජයග්‍රහණය ප්‍රාර්ථනා කර තම පිටේ පච්චයක් කොටා ගනිමින් යැයි එහි තවදුරටත් සදහන්ය.
එහෙත් සනත් නිශාන්ත මහතාට අමතක වු එක් දෙයක් වේ .එනම් ඔහු නියෝජනය කරනු ලබන ශ්‍රිලනිපය විසින් ලංකාවේ වැඩිම ධිවරයන් ගණනකගේ ජිවිත බිලිගෙන ඇතිබවය.
හලාවත ඇන්ටනි ඝාතනය වු අතර වෙඩි වැදි අබ්බගාතයෙකු වු ජේසු මරිය කිංග්ස්ලි නම් ධිවරයා සිය දිවි නසා ගන්නේ සිය කුඩා පිරිමි දරුවා පවුල සිය පවල නඩත්තු කිරිමට අපමණ වෙහෙසක් ගන්නා අයුරු තවදුරටත් බලාසිටිය නොහැකි තැනය.