වයඹ පළාත් සභාව කෝළම් මඩුවක් ද?

0
104

wayamba issueවයඹ පළාත් සභාව තුල පසුගිය සති කීපය පුරාම ජනතාවට ප්‍රයෝජනවත් වන කිසිවක් සිදුවී නොමැති අතර  හිටපු ජනාධිපති  මහින්ද රාජපක්ෂ මහතා මුල්කරගනිමින් විරෝධතා, හා සුබපැතුම් එක් කිරීමට හේතු සාදමින් ආණ්ඩු පක්ෂය විසින් පිස්සු කෙලෙමින් සිටිති.
මේ අතරවාරයේදී එක් සභාවාරයකට  උද්ඝෝෂණ කිරීමට  පළාත් සභාවේ ගැලරියට ආණ්ඩු පක්ෂ ආධාරකරුවන් ගෙන්වා කැකෝ ගසන්නට, පුවරු ප්‍රදර්ශනය කරමින් ජෝගී නටන්නට සලස්වා තිබුණි.  මේ සම්බන්ධයෙන් පසුගියදා වයඹ පළාත් සභා වාරයකදී වයඹ ප.සභා මන්ත්‍රී නීතිඥ චිත්‍රාල් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා විසින් සිය විරෝධය ප්‍රකාශ කළේය.