වයඹ පළාත් සභා මන්ත්‍රී නීතිඥ චිත්‍රාල් ප්‍රනාන්දු ඇමරිකාවට

0
99

902584_584252231647402_1271851396_oඇමරිකානු එක්සත් ජනපදයේ රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරනු ලබන අන්තර්ජාතික නායකත්ව පුහුණු වැඩසටහනට සහභාගී වීමට වයඹ පළාත් සභා මන්ත්‍රි නීතිඥ චිත්‍රාල් ප්‍රනාන්දු මහතා මේ මස 13 වන දින ඇමරිකානු එක්සත් ජනපදය බලා පිටත්වේ. වර්ෂ 1940 දී ආරම්භ කරන ලද ඇමරිකානු අන්තර්ජාතික නායකත්ව පුහුණු වැඩසටහන වෙනුවෙන් වාර්ෂිකව ලොව පුරා සිටින නැගී එන තරැණ නායකයින් හට ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් ආරාධනා කරනු ලබයි. පුහුණුවට සහභාගී වන්නන් ඇමරිකානු රාජ්‍ය සහ පුද්ගලික අංශයේ සංවිධාන නියෝජිතයින් මුණගැසීම‍ට සහ සමාජ සංස්කෘතික උත්සවයන්ට සහභාගී වීමටද නියමිතව ඇත.

 මේ වන විට මෙම වැඩසටහනට සහභාගී වුවන් අතරින් දැනට සිටින සහ හිටපු රාජ්‍ය නායකයින් 337 ක් ද, කැබිනට් අමාත්‍ය මට්ට‍ෙමේ නායකයින් දහස් ගණනක් බිහිවී ඇත. ඔස්ට්‍රේලියාවේ ජුලියා ගිලාඩ්, මැලේසියාවේ මහතීර් මොහාමඩ්, ප්‍රංශයේ නිකලස් සාර්කෝසි, බ්‍රිතාන්‍යයේ ටෝනි බ්ලෙයාර්, ඉන්දියාවේ මොරාජි දේසායි, අතල් බිහාරි වජ්පායි, ඉන්දිරා ගාන්ධි, සහ ශ්‍රි ලංකාවේ රණසිංහ ප්‍රේමදාස, රනිල් වික්‍රමසිංහ සහ වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ ද ඉතිහාසයේ නැගී එන නායකයින් ලෙස මෙම වැඩසටහනට ආරාධනා ලැබ සහභාගී වුවන් වෙති. මෙම වසරේ පුහුණු වැඩසටහනේ ප්‍රධාන තේමාව වන්නේ ‘පළාත් පාලනය​’ වන අතර සැප්තම්බර් 15 සිට ඔක්තෝබර් 05 දක්වා ඇමරිකානු ජනපද කිහිපයක මෙය පැවැත්වේ.

ප්‍රියංකර ලාල් පෙරේරා