වයඹ පළාතේ වැඩිම ස්ත්‍රි දුෂණ වෙන්නප්පුවෙන් ???????????

0
385

ස්ත්‍රි දුෂපසුගිය 2014 වසරට සාපේක්ෂව 2015 වසරේදි වෙන්නප්පුව පොලිස් බල ප්‍රදේශයේ ස්ත්‍රි දුෂණ හා ළමා අපචාර වල විශාල වැඩි වීමක් තිබෙන බව වෙන්නප්පුව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක වසන්ත කුමාර මහතා පවසයි.
එහිදි 2014 දි සිදුවීම් 20 ක් වාර්තා වුවත් 2015 වසරේදි එය සිදුවීම් 29 ක් දක්වා වර්ධනය වි ඇති බවත් එයින් 19ක් ස්ත්‍රි දුෂණ බවත් එහි තිබෙන ඛේදනීය තත්වය නම් එම ස්ත්‍රි දුෂණ 19 ටම බාල වයස්කාර පාසැල් දැරියන් ගොදුරු වීම බව පොලිස් පරික්ෂකවරයා පැවසීය මෙම පාසැල් දැරියන් වයස අවුරුදු 16 ට අඩු පාසැල් යන වයසේදීම විවිධ ප්‍රේම සම්බන්ධතා හේතුවෙන් එම ස්ත්‍රි දුෂණ සිදු වි ඇති බවත් ප්‍රදේශයේ එක්තරා පාසැලකින් පමණක් මෙවැනි සිදුවීම් 5 ක් පමණ වාර්තා වි ඇති බව වසන්ත කුමාර මහතා කීය.
මෙම තත්වය වර්ධනය වීමට වැඩි වශයෙන්ම බලපා ඇත්තේ වෙන්නප්පුව ප්‍රදේශයේ පිහිටා ඇති කොහු හා උළුමෝල් කර්මාන්තශාලා අශ්‍රිතව රැකියා කරන පවුල් වල පසුබිම මෙන්ම බහුතරයක් පවුල්වල මා පියන් දරුවන් මෙරට සිටින බාර කරුවන් යටතේ තබා විදේශ රැකියාවලට යාම හා සීමවකින් තොරව පාසැල් දරුවන් හට තාක්ෂණික මෙවලම් භාවිතයට ඉඩ දීම බව මූලස්ථාන පොලිස් පරික්ෂකවරයා කීය මෙම ස්ත්‍රි දුෂණ සිදුවීම් වයඹ පළාතෙන්ම වැඩිම වාර්තා වීම වෙන්නප්පුව පොලිස් බල ප්‍රදේශයෙන් වාර්තා වීමට ඉහත කරුණු බලපා ඇති බවත් පාසැල් අශ්‍රිතව උපදේශණ සේවා හා සොයා බැලීම් පිළිබඳව වැඩි අවදානයක් යොමුකල යුතු බවත් දෙමාපියන් තම දරුවන් ගැන ඔවුන්ගේ පසුබිම ගැන වැඩි වැඩියෙන් සොයාබැලීම් කලයුතු බව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක වසන්ත කුමාර මහතා වැඩි දුරටත් පැවසීය
.
චන්දන ප්‍රනාන්දු