වයඹ වෙරළ තීරයේ මුහුදු ඛාදනයට හේතුව ෆෝට් සිටියද ?

0
326

මුහුදු ඛාදනයෙන් බැටකන හලාවත ධීවරයෝ විරෝධතාවයක

කාලයක පටන් හලාවත ඉරනවිල මුහුදු තීරයට බලපාන මුහුදු කෑම නවතා ජනතාව මුහුණ දෙන පීඩනය අවම කර ගැනීමට අවශ්‍යය පියවර ගන්නා ලෙසට පාලකයින්ගේ අවධානය යොමු කරවන ලෙසට ඉල්ලා එම ගම්මානයේ ජීවත් වන ධීවර ජනතාව ඉරනවිල වෙරළට රැස්වි පෙරේදා ( 27 දා ) පස්වරු නිහඩ විරෝධතාවක නිරතවෙමින් ‌දේව කන්නලව්වක් සිදුකර තිබුණි.

මෙම මුහුදු කෑම නිසා වෙරලාසන්නයේ ධීවර පවුල් පදිංචි නිවාස ගණනාවක් මේ වන විට මුහුදුට ගසා ගෙන ගොස් ඇති අතර රජයට මේ සම්බන්ධයෙන් දැනුම් දුන් පසු අවස්ථා කිහිපයක දි විවිධ මැති ඇමති වරුන් මෙහි පැමිණ විවිධ පොරොන්දු දෙමින් තමන් කඩිනමින් මෙම මුහුදු කෑම නතර කිරිමට අවශ්‍යය විසදුම් ලබා දෙන බව කියා පිටව ගිය නමුත් මේ දක්වා කිසිදු විසදුම් නොදුන් නිසා තමන් මෙම විරෝධතාව සංවිධානය කළ බව ඊට එක්වු ප්‍රදේශවාසිහු පෙන්වා දි තිබුණි.

ඉරනවිල සාන්ත රෝගුස් ප්‍රතිමාව අසලට රැස්වු පිරිස කළු කොඩි රැගෙන පා ගමනින් වෙරළට රැස්වු අතර අඹකදවිල මිසම් සේවක පීටර් බොතේජු පියතුමා ප්‍රමුඛ කිතුණු පියතුමන් ලා මෙන්ම කන්‍යා සොයුරියන් පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටි අතර වෙරළ රැස්වු සියළු දෙනා එහිදි දේව කන්නලව්වක් ද පැවැත්වුහ.

වෙරළ ඛාදනය නිසා පිඩාවිදින බටහිර ඉරණවිල ජනතාව

මේ ආකාරයෙන් සිදුවෙමින් ඇති වෙරළ ඛාදනයට ප්‍රධාන හේතුව ෆෝට් සිටිය බව මිට පෙර අවස්ථා කිපයදිමේ පිළිබදව විමසිමට තොඩුවාව සහ ඉරණවිලට ගිය අවස්ථවේදි ධිවරයන් විසින් පවසන්නට යෙදුණි.

පසුගිය කාලය පුරාම බටහිර මෙන්ම වයඹ වෙරළ තිරයේ මුහුදු කෑම ප්‍රබල කිරිමට ප්‍රධාන හේතුව ලෙස ධිවර ප්‍රජාව කියා සිටියේ වරාය නගරය ඉදිකිරිම සදහා මුහුදෙන් වැලි ගැනිම හේතුවෙන් දැන් පෙරළා එහි බලපෑම වෙරළ ඛාදනයට හේතුවි ඇති බවය.
විශේෂයෙන්ම තොඩුවාව ඉරණවිල ප්‍රදේශයේ මුහුදු ඛාදනය වැලැක්විමට යැයි කියා වෙරළ සංරක්ෂණ නිළධාරින් විසින් ගල්වැටි දමා තිබුණද ඒවා යොදා ඇත්තේ වැරදි ක්‍රමවලට බවද ධිවරයෝ කියා සිටිති.
මේ හේතුවෙන් වෙරළ ඛාදනය දිගටම සිදුවිමට නියමිත බවත් රුපියල් කෝටි ගණනක් වැය කරමින් ඉදිකරන ලද තොඩුවාව ඉරණවිල හරහා හලාවතට දිවෙන කාපට් කරන ලද පාර පවා විනාශයට ලක්විමට ඉදිරියේදි නියමිත බවත් ඔවුන් කියා සිටිති.
මේ පසුබිම තුල වෙරළ ඛාදනයට එරෙහිව වනවා යනු ඒය දැන් නිර්මාණය කර ඇති හේතුවටද විරුද්ධ විම අනිවාර්යයකි.

මුලාශ්‍රය -ඡායා ඔගස්ටින් ප්‍රනාන්දු