වර්ගවාදය ඇවිස්සිමේ අන්තර්ජාල භාවිතාව ගැන ලංකාව නිහඬයි?

0
80

එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සලයේ 26 සැසිවාරයේ විශේෂ සැසියක් ඊයේ දවසේ වෙන්ව තිබුනේ වර්ගවාදය පිළිබදවය.
විශේෂයෙන්ම මෙහිදි අන්තර්ජාලය සහ නව මාධ්‍ය කලාව වර්ගවාදය ඇවිස්සිම සදහා යොදාගැනිම පිළිබදව ප්‍රධාන අවධානයක් යොමුව තිබුන අතර මේ වෙනුවෙන් විශේෂයෙන් අදහස් ඉදිරිපත් කරන්නට යෙදුන රටවල් මතු කර සිටියේ එහි ඇති විපාක පිළිබදවය.
පැය එකාමාරක් පුරා ක්‍රියාත්මක වු මේ සැසිය අතර තුරේ ශ්‍රිලංකාව නියෝජනය කරමින් සිටි නිළධාරියා සහ නිළධාරිනියන් දෙදෙනා මේ සභා ගැබෙන් වරින් වර නැගිට ගියා මිස යළි පැමිණියේ නැත.
එමෙන්ම වෛරිත්වය වැපිරිමේ අන්තර්ජාල භාවිතාව පිළිබදව රටවල් 15 පමණ නියෝජිතයන් අදහස් ඉදිරිපත් කළද ඒවා අසා සිටින්නට වත්  ශ්‍රි ලංකාව එහි සිටියේ UN 2014 නැත.
මේ අතර වර්ගවාදය සහ අන්තර්ජාල භාවිතාව ගැන ජුනි 24 වනදා දවල් පැවැති විශේෂ සැසියකදි විශේෂ අදහස් දැක්වු පාකිස්ථාන සිවිල් සමාජ ක්‍රියාධරයෙකු අවධාරණය කර සිටියේ විශේෂයෙන්ම මියන්මාරයේ සහ ශ්‍රිලංකාවේ මුස්ලිම් ජනයා මෙම වෛරිත්වයට බරපතල ලෙසින් මුහුණ දෙමින් සිටින බවය.