වරාය නගරය ගැන ඇමති ලංසාගේ දිව දෙකේ කථා සහ හැදල ධීවර අරගලය !

0
270

FB_IMG_1566802889264වරාය නගරය නිසා විනාශයක් සිදුවන බව සමාජ ක්‍රියාකාරින් මෙන්ම පරිසර සංවිධාන දිගින් දිගටම මතුකරමින් සිටියදි පසුගියදා පාර්ලිමේන්තුවේදි අදහස් දක්වමින් නිමල් ලංසා කියා තිබුනේ සිවිල් සංවිධාන පරිසර විනාශයක් වන බවට බොරු කියා සිටියද වරාය නගරය ඉතා හොද ව්‍යාපෘතියක් බවය.ඔහු මෙසේ අදහස් පළකොට දින කීපයක් යන්නට මත්තෙන් මිගමුව මෝරවල ඇතුළු ප්‍රදේශයට මහත් විනාශයක් ගෙන එමින් දැවැන්ත මුහුදු ඛාදනයක් සිදුවෙමින් තිබේ.ඒ ඵායනක තත්වය දැක බලාගැනිම සදහා ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත මහතා  මෝර වල ප්‍රදේශයට පැමිණි තිබුණි.පෝට්සිටි ව්‍යාපෘතියේ අනිටු ඵලවිපාක හේතුවෙන් මුහුදට බිලිවන මීගමුව ධීවර ජනතාව හමුවි අදහස් බෙදාගැනිමටද ඔහු කටයුතුර තිබුණි.
තතු එසේව තිබියදි අද හැදල ධිවරයන් පාරට පැමිණ උද්ගෝෂණය කර තිබුනේ වාරාය නගරයට ඇවැසි වැලි හැරිම නිසා සිදුව ඇති විනාශය ගැන ධිවර පවුල් වලට පොරොන්දු වු වන්දි මුදල නොදිම නිසාය. වාර්තා වන අන්දමට රජය  මේ එක් පවුලක් වෙත රුපියල් එක්ලක්ෂ පනස්දාහක් පොරොන්දු වි ඇත.එහෙත් එය ලබාදිමට ඇමති ලංසාටද නොහැකිවි තිබුණි.
ධිවරයන් කිපි ඇමති ලංසාට හු කියන්නේ මේ නිසාය.කෙසේ වෙතත් ඇමති ලංසා අදාල ඇමතිවරයා හා කතා කොට දිය හැකි යැයි කියා තිබුනේ රු හැටදාහක් පමණි.
වැලි හැරිම නැවැත්විම ඇතුළු ඒ ඉල්ලිම් අනිවාර්යෙන්ම ලබාදෙන බවට ලිඛිත පොරෙොන්දුවක්ද දෙන ලෙසින් ලංසා ඒ ධිවර ජනයා බල කර තිබුණි. වසර 20 ක් පරණ ප්‍රශ්ණයක් අද විසදුවා යැයි  කියමින් ලංසා සිදුකරන ලද දිර්ඝ කථාවෙන් පසු එක් ධිවරයෙක් කියා සිටියේ ලිඛිත පොරොවන්දුවක් නොදෙන්නේ නම් එය විශ්වාස නොකරන බවය.
ඉන් කියැවෙන්නේ ලංසා පිළිබදව වත්තල ජනයාට ඇති විශ්වාසයේ තරමය.
දැන් අප මතුකරන්නට යන කථාව ඉතා වැදගත්ය. ඇමති ලංසා විසින් සිය මුහුණු පොතේ තබා ඇති සටහන අනුව වසර 20 ක් පැවති ප්‍රශ්ණයක් පැය 2 කින් විසදුවා යැයි උදම් අනයි.
වාරාය නගරයට වැලි හැරිමට එදා සිටිම විරුද්ධ වු බවද කියයි. දින 15 ක් ඇතුලත වැලි හැරිම නතර නොකරන්නේ නම් ඇමතිවරයාද සෙනගත් සමගින් උද්ඝෙෝෂණයට වාඩි වන බව කියයි.
දැන් මෙහි ඇති දිව දෙකේ කථාව වන්නේ වරාය නගරය විවෘත කරන දිනවල පාර්ලිමේන්තුවේදි එය අගයමින් කථා කොට ඒ නිස සිදුවන පරිසර විනාශය ගැන සිවිල් සංවිධාන පැහැදිලිව පෙන්වා දි තිබියදි ඒ සංවිධානවලට චෝදනා කරමින් ඇමති ලංසා කියා තිබුනේ එ සිවිල් පරිසර ක්‍රියාකාරින් කි ආකාරයේ පරිසර විනාශයක් සිදුව නැති බවය.,
එහෙත් ඇමතිවරයා මෙසේ පවසා දින කිහිපක් ඉක්ම යද්දි මිගමුව මෝර වල ප්‍රදේශයේ දැවැන්ත විනාශයක් සිදුවිම ආරම්භ විය.
ඒ අනුව අපට දැන් සිතා ගත හැක්කෙ ඇමති ලංසාට දිව 2 කක් ඇති බවය.