වරාය නැගෙනහිර ජැටිය අදානිට දෙන කැබිනට් පත්‍රිකාව මෙන්න

0
112
 ( 2.00 pm ) කොළඹ වරායේ නැගෙනහිර ජැටිය (ECT) ඉන්දියාවේ අදානි පෝට්ස් ඇන්ඩ් ලොජිස්ටික් සමාගමට පැවරීමක්පිළිබඳව තමන් හෝ ආණ්ඩුව කිසිවක් නොදන්නා බව ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ ප්‍රකාශ කළද පසුගිය ඔක්තෝබර් 22 දාතමින් වරාය හා නාවුක කටයුතු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන විසින් නැගෙනහිර ජැටිය එම සමාගමට පැවරීමට අදාළ කටයුතු සූදානම් කිරීම සඳහා නව කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇත.

මීට පෙර පසුගිය ජුනි 20 දාතමින් එවකට වරාය හා නාවුක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු විසින්ද මෙම අදහස ඉදිරියට ගෙනයාම සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබූ අතර මහ මැතිවරණය ආසන්නයේ මේ පිළිබඳව පැනනැගුණු වරාය සේවක විරෝධතා අතරතුර මහින්ද රාජපක්ෂ අගමැතිවරයා ඔවුන්ට පොරොන්දු වී තිබුණේ එම පැවරීමේ ගනුදෙනුව නතර කිරීම පිළිබඳව සලකා බලන බවය.

dsfsdg

රෝහිත අබේගුණවර්ධන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවේ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ වාර්ෂික ණය බර ආදායමින් 24.8%ක් බවද ඒ අනුව පසුගිය ආණ්ඩුව ජපානය හා ඉන්දියාව සමග අත්සන් කරන ලද ගිවිසුම ප්‍රකාරව නැගෙනහිර ජැටියේ මෙහෙයුම් කටයුතුවලට අදාළව ජපාන හා ඉන්දියානු කොටස් හිමියන්ට 49% හා වරාය අධිකාරියට 51% අයිතිය සහිත සමාගමක් පිහිටුවීම සඳහා වරාය අධිකාරියට ජපාන ණය ලබාගැනීමට සූදානම් නොමැති බවද එබැවින් නැගෙනහිර ජැටිය වෙනුවෙන් ඍජු විදේශ ආයෝජනයක් අවශ්‍ය බවද ප්‍රකාශ කරයි.

ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයාගේ කැබිනට් ප්‍රතිකාවට අනුව පත් කරන ලද කමිටුවේ නිර්දේශ මෙම නව කැබිනට් පත්‍රිකාවේ සඳහන් වේ.

එම ආයෝජකයා විසින්,

# මේ දක්වා වරාය අධිකාරිය විසින් කරන ලද ඉදිකිරීම්වල වියදම ගෙවිය යුතුය.

# ජැටියේ බිම් කුලිය වාර්ෂිකව ගෙවිය යුතුය. වරායේ දැනට බහාලුම් මෙහෙයුම් කරන පෞද්ගලික සමාගම් දෙක විසින් ගෙවනු ලබන වාර්ෂික මෙහෙයුම් ගාස්තුවට වඩා වැඩි කර්තෘභාග ගෙවීමක් කළ යුතුය.

# එක්වරක් පමණක් කළ යුතු මූලික ගෙවීමක් සිදුකළ යුතුය. ජැටිය මගින් සිදුකරන ආනයන හා අපනයන වෙනුවෙන් පැටවීම් හා බෙදාහැරීමේ ගාස්තු ගෙවිය යුතුය.

# අතිවිශාල බහාලුම් ප්‍රවාහන නෞකාවලට උපරිම සහයක නැව් ප්‍රමාණයක් සම්බන්ධ කරගන්නා බවට සහතික විය යුතුය.

වරාය අධිකාරිය යටතේ ඇති ජය බහාලුම් ජැටියේ පස්වැනි අදියර වෙනුවෙන් ගෙන්වන ලදුව දැනට නැගෙනහිර ජැටියේ තබා ඇති දොඹකර තුන, නව ආයෝජන සමාගම විසින් තමන්ගේ දොඹකර සවිකර මෙහෙයුම් අරඹන තුරු එහි ස්ථාපිත කොට තාවකාලිකව වැඩ කරගෙනයාමටද,

අවබෝධතා ගිවිසුමෙහි යෝජනා සලකා බැලීම සඳහා වරාය හා නාවුක, මහාමාර්ග, බලශක්ති, අධිකරණ, කම්කරු යන අමාත්‍යාංශවල ලේකම්වරුද භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම්ද වරාය අධිකාරියේ සභාපතිවරයාද ඇතුලත් ගනුදෙනු කිරීමේ කමිටුවක් පත්කිරීමටද

එම නව කැබිනට් පත්‍රිකාව කැබිනට් මණ්ඩලයෙන් අවසර බලාපොරාරොත්තු වෙයි.

(lankatruth.com)

Cabinet Paper ECT Harbour NEW 2020.11.17 1Cabinet Paper ECT Harbour NEW 2020.11.17 2Cabinet Paper ECT Harbour NEW 2020.11.17 3Cabinet Paper ECT Harbour NEW 2020.11.17 4Cabinet Paper ECT Harbour NEW 2020.11.17 5

 

Sathak AKඅදානිට ‘ලෝකල් ඒජන්ට්’ අගමැතිගේ හිතවතෙක්!

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය පවරා ගැනීමට යන බව කියන ඉන්දීය අදානිට සමාගමේ (Adani Ports and Special Economic Zone Ltd) මෙරට නියෝජිතයා අගමැති මහින්ද රාජපක්ෂ ගේ සමීපතම හිතවතකු බව ඇතැම් සමාජ මාධ්‍ය විසින්  අනාවරණය කර ඇත.

එම මාධ්‍ය වාර්තා වලට අනුව කතාබහට ලක්වන ඉන්දීය අදානි (Adani Group) සමාගමේ මෙරට නියෝජිතයා වන්නේ ඉන්දීය ජාතික සදාක් අබ්දුල් කාදර් (Sathak Abdul Kadar)  නමැති අයෙකි.   ඔහු සෙරන්ඩිබ් ප්ලවර් මිල් (Serendib Flour Mills’) සමාගමේ සභාපති වන අතර ම  මෙරට ගල් අඟුරු ආනයනය කරන ‘අදානි ග්ලෝබල්’ සමාගමේ දේශීය ඒජන්තයා බව ද පැවසේ.