වලංකාරයාගේ අවුරුද්දක වැඩ පොලු කාරයාට එක දවසයි ?

0
310
ඊයේ (මැයි 01 වනදා )  සන්ධානයේ මැයි රැළියට කුරුණෑගල පිරිසකුත් පිරිවරාගෙන පැමිණි  වයඹ මහ ඇමති දයාසිරි ජයසේකර  මැයි රැළියේදී අලුත් සෙල්ලම් ටිකක් ප්‍රදර්ශනය කළේය.
ඒ අතර ඔහු මෙතෙක් ජනතාවට පෙන්වා නැති දස්කම් ටිකකුත් විය.
ඒ කඩු හරඹ සහ පොලු  හරඹය. ඒ අතර තවත් අලුත් කැල්ලක් තිබිණි. ඔහුගේ හිසේ පැළදි තොප්පියයි. එය රතුය. තරුවකුත් ඇත. නමුත්  එය ලැබී තිබුණේ යැයි කියන්නේ යුද හමුදා කොමාන්ඩෝ  රෙජිමේන්තුවේ වාදන  අංශයෙනි. කම්කරුවන්  එසේත් නැත්නම්  පීඩිත පංතියේ ජනතාව වසර ගණනක් ලේ හලමින් සටන් කර රැකගත් මැයි දිනයේ අර්ථය  විකාරයක් කරන්නට  දයාසිරිලා වැනි පොලුකාරයින්ට  අවශ්‍යවන්නේ එක දවසකි.
මේ රටේ ධීවරයින්ට, කම්කරුවන්ට , සාමාන්‍ය ජනතාවට වෙඩි තියමින්, ඔවුන් මත දැඩි ජීවන බරක් පතිත කරමින් සිටින රජයකට මැයි දිනය සැමරීමේ සදාචාරාත්මක අයිතියක් තිබෙද ? යන්න ඇසිය යුතු ප්‍රශ්නයක්  අතර  කම්කරුවන්ගේ ලෙයින් ඉපදුන මැයි දිනයේ අර්ථය සම්පූර්ණයෙන් කණපිට ගැසූ ධනපති පක්ෂයක මැයි රැළියේ පෙළපාලියට  මෙවැනි ජෝකර්ලා  නැත්නම්  වැඩකුත් නැත.
ddaya