වලවල් පිරි ලුණුකඩ හංදියට කළ යුත්තේ කුමක්ද?

0
40

මීගමුව  ලුණුකඩ  හංදිය   අනතුරු  දායක   ස්ථානයක්  ලෙස අප  මීටපෙරද  මේ  ගැන  ලිපි  මගින්  දැනුවත්  කිරීම්  කලද   ප්‍රශ්ණය  තවමත්  එතනමය.  ප්‍රදේශවාසීන්,  ත්‍රිවිල්  රියදුරන්,  මෙහි  පවතින  අනතුරුදායක  තත්වය  නිතරම   පැහැදිළි   කර දුන්නා  පමණක්  නොව  ඔවුන්  මෙම වලවල්  ගල්කැබලි  දමා  වසමින්   තාවකාලික    පිළියමක්ද  කරන ලදී.  නමුත්   මේ  සදහා ස්ථිර  විසදුමක්   අහලකවත්  දකින්නට  නැත.  මීටපෙර ද  ගේට්ටු  මුරකරු   සදහන් කළේ  කෝච්චිය   යන වෙලාවට  ගේට්ටු  අත  පහත්  කිරීමට  ප්‍රමාද වන නිසා  හදිසි   යතුරුපැදි  කරුවන්   හැපීමෙන්  මෙම   ගේට්ටු  අත   නිතර  කැඩෙන  බවයි.

මෙසේ  පවතින  ප්‍රශ්ණය  කථාකිරීමට  අදාලවන   ආයතනය  වන්නේ   ස්ථිර  මාර්ග පරීක්ෂක  කාර්්‍යාලය  බව  දුම්රිය   ස්ථානාධිපති  වරයා  මීටපෙර   අපට  කියා  තිබුනු  හෙයින්  එහි  නිලධාරීන්   හමුවීමට  ගියද  ඔවුන්   නොසිටි  හෙයින්  නැවත   ස්ථානාධිපති  හමුවී  කථා  කළෙමු.  ඔහුගේ  අදහස  වූයේ  මේ  සඳහා  යේජනාවී ඇති  පාර  පළල් කර  සහ  උස්කර  සැකසූ විට   මේ  සියළු  ප්‍රශ්ණ විසදෙන  බවයි.     පාරවල්  හැදීමේ  කටයුතු  ඔහුට  අදාල   නැතිබව   ඔහු  පවසන  අතර  මාර්ග සංවර්ධන  අධිකාරියෙන්   මේ ගැන  ඉල්ලීමක්  කළයුතුබවත්,ස්ථිර  මාර්ග  පරීක්ෂක   කාර්්‍යාලය මේ   සදහා  මැදිහත්  විය යුතු බවත්   සඳහන්  කරන ලදී.   දුම්රිය  ස්ථානාධිපතිතුමා ද පැවසූ  අන්දමට  මේ  පිළිඳබව  ඔවුන්ට   නිතරම  කරදර කරන   එකම  ස්ථානය   පොලීසියයි.
නමුත්  පොලීසියේ  ඉල්ලීමට  අනුව  ක්‍රියාත්මකවීමට    මාර්ග   සංවර්ධනය  සදහා   කටයුතු  කරන  නිලධාරීන්  වැඩි  උනන්දුවක්    නොදක්වයි.  එසේම කුමන  ආයතනය   ප්‍රධාන  වන්නේද  යන්න  උභතෝකෝටික  ප්‍රශ්ණයකි. අපි  කෙසේ  හෝ   මෙම උභතෝකෝටිකය  ජනතාව  සමග  එක්වී  විසදා ගතයුතුව ඇත.

මෙම ස්ථානයේ  තිබුනු  පරණ  මුරගෙය   කඩා  අළුත්  මුරගෙයක්   තනවා   ඇත. නමුත්   ප්‍රධාන  ප්‍රශ්ණය වන්නේ   රේල්  පාර  සහ   තාරපාර   අතර  ඇති  වලවල්ය.  යෝජිත   සැලැස්ම   ක්‍රියාවට   නැගෙනවිට   මෙම  වලවල්   නිසා  සිදුවන   අනතුරු  වලක්වා  ගක්නේ  කෙසේද?  යන්නට   විසªමක්  නැත. ඒනිසා  දිගින්  දිගටම   අදාල  බලධාරීන්ට   කරදර  කිරීමට  අපට  සිදුවනු  ඇත.   මේ  අනුව  කළයුත්තේ  කුමකත්දැයි   ඔවුන්  තීරණය  කළයුතුය.lunukada juntion